IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


සැප්තැම්බර් 2 ඉන්දීය සාගර සමුළුවට අගමැති මාලදිවයිනට

(මනෝජ් හර්ෂික)


මාලදිවයිනේ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 02 දින මාලදිවයින් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල සඳහන් කරයි.
 

මෙම සමුළුවේ සභාපතිධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හොබවන අතර මාලදිවයිනේ පැරඩයිස් අයිලන්ඩි රිසෝට් හෝටලයේ දී සැප්තැම්බර් 03 සහ 04 දිනයන්හි දී සමුළුව පැවැත්වේ.
 
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මාලදිවයින් සංචාරය සඳහා සහභාගී වන අතර ද්වීපාර්ශවීය සබඳතා,විවිධ ක්ෂේත්‍රයන්හි නව සහයෝගීතාවන් ගොඩනගා ගැනීම,දෙරට ම බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා මෙම නිල සංචාරයේදී අපේක්ෂා කෙරේ.



අදහස් (10)

සැප්තැම්බර් 2 ඉන්දීය සාගර සමුළුවට අගමැති මාලදිවයිනට

kule Tuesday, 27 August 2019 11:48 AM

පුලුවන්නම් අපේ රටවටේටම තියෙන සාගරයෙන් මුහුදු හතක්ම 100 කාටහරි විකුනලා ලංකාවට කීයක්හරි ගෙනාවොත් ලොකු දෙයක්.

:       0       0

sirimal Tuesday, 27 August 2019 11:49 AM

ආපහු එනකොට මොන හෙයියන් මාරුවක් වෙලා තියෙයිද දන්නේ නැහැ.

:       0       31

Ruby Tuesday, 27 August 2019 12:54 PM

එහාටම වෙලා හිටියනම්‍ හොඳයි .

:       0       118

RaveendraTuesday, 27 August 2019 04:31 PM

Ruby මයා වෙත, ඔබගේ ඉරිසියාකාර නොහොබිනා අදහස් අප තරයේ හෙලා දකින්නෙමු.

:       0       0

RaveendraWednesday, 28 August 2019 07:47 AM

ඔබගේ ඉරිසියාකාර, නොහොබිනා අදහස් අප තරයේ හෙලා දකින්නෙමු. මක්නිසාදයත් ඒ රටත් අපේ රට වගේ විනාශ වෙනවා දැකීමට ඔබ කැමතිද? අප නම් කැමති නැත.

:       0       0

ධනා Tuesday, 27 August 2019 02:05 PM

ආයේ එද්දි "හිටපු අගමැති" වෙලා තියෙයිද දන්නෙ නෑ ?

:       0       0

chandima Tuesday, 27 August 2019 03:44 PM

මාර මිනිහෙකුටනේ ආරාධනා කලේ? මෙහෙ වගේ එහෙත් මුහුදු සිමාව සැතපුම් පන්සියකින් වැඩි කරලා වෙනින් රටකට ඉන් ඔබ්බෙන් මුහුදු වැටක් බඳින්න කැමතිවෙන්න කියල උපදෙස් දීල ? අන්තිමේ ඒ රටටත් වෙන්නේ අපිට වගේ එළිමහන් සිර කඳවුරකට කොටුවෙන්න. අපිට බලාගන්න පුළුවනි සහයෝගිතාවේ ප්‍රතිපලේ, මාලදිවයින වටේටත් අර සුඛන්‍ය ද මොකක්ද කියන හුචක්කුව උදේ හවස කැරකෙන්න ගත්තම?

:       0       0

Kumar Tuesday, 27 August 2019 04:17 PM

ජනධිපතිතුමා යන්නේ නැද්ද.

:       0       0

Amila Tuesday, 27 August 2019 04:19 PM

එහේ මොකක්හරි ජොබ් එකක් හොයන් එහෙට වෙලා ඉන්න. ආයෙත් එන්න එපා.

:       0       0

thilakasiri Wednesday, 28 August 2019 06:46 AM

රුබී / අමිල ඔයාල රනිල්ගේ පයට පෑගුන වැලි කැටයක් තරම්වත් වටින්නේ නැති බව තමයි මේ ප්‍රකාශන වලින් පෙනෙන්නේ. හරක් උනත් උම්බෑ නොකිය ඉන්නවනම් හරක් ඉන්න බව නොදකින අයට දැනගන්න ලැබෙන්නේ නැති නිසා උම්බෑ කියන එකම තමයි හොද. ඇරත් ඉතින් හරක් උම්බෑ නොකිය ඉන්නෙත් නැහැනේ. ඔහේ පලයන්.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 687 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 865 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site