IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජලසම්පාදනයේ වංචාවකට 37 වසරක් හිරේට යවා ලක්ෂ 130 ක වන්දියක් නියම කරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වූ ජල සම්පාදන හා ජලාප‍වාහන මණ්ඩලයේ කැලණිය ප‍්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිකාරීවරයාට වසර 37ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජල සම්පාදන මණ්ඩලයට රුපියල් එක්කෝටි තිස්ලක්‍ෂයක වන්දියක් ගෙවීමටද අද (02) නියම කළේය.
 
ජල සම්පාදන හා ජලාප‍වාහන මණ්ඩලයේ කැලණිය ප‍්‍රාදේශීය කාර්යාලයේ හිටපු කළමණාකරුගේ අත්සන ව්‍යාජ ලෙස යෙදීමේ චෝදනාවට විත්තිකරු වරදකරු කරමින් නියම කළ සිරදඩුවමට අමතරව රුපියල් ලක්‍ෂ 40ක දඩ මුදලක් ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා දඩ සහ වන්දි මුදල් නොගෙවුවහොත් තවත් අමතර වසර 23ක බරපතල වැඩ සහිත සිරද`ඩුවමක් ලබාදීමට ද නියම කළේය.
 
මීට වසර 14කට පෙර මෙම වංචාව සිදුකිරීමේ චෝදනාවට වරදකරු වීම නිසා මෙලෙස දඩුවම් නියම වූයේ ජල සම්පාදන හා ජලාප‍්‍රවහන මණ්ඩලයේ කැලණිය ප‍්‍රාදේශීය කාර්යාලයේ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කළ ආනන්ද මාබෝල (66) මහතාටය.
 
2005 වසරේදී ජල සම්පාදන හා ජලාප‍්‍රවහන මණ්ඩලයේ කැලණිය ප‍්‍රාදේශීය කාර්යාලයේ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කරමින් එහි කළමණාකාරවරයාගේ අත්සන චෙක්පත් 57කට ව්‍යාජ ලෙස යොදා ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා හයක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.



අදහස් (5)

ජලසම්පාදනයේ වංචාවකට 37 වසරක් හිරේට යවා ලක්ෂ 130 ක වන්දියක් නියම කරයි

Nuwan Tuesday, 02 April 2019 10:55 AM

ඔහොම හරියට නඩු බැලුවොත් අර මහබැංකුවේ වංචාව කරපු අයට, ඒවාට අනුබල දීපු අයට අව්රුදු 5000 කටවත් හිරේ යවන්න ඕන.

:       52       256

ජයරත්න Tuesday, 02 April 2019 11:27 AM

මං හිතන්නේ මෙතන හොරකමට වඩා බරපතල වරද ලෙස සැලකෙන්නේ හොර අත්සන යෙදූ චෙක්පත් නිකුත් කිරීම.

:       0       0

kap Tuesday, 02 April 2019 11:36 AM

නුවන් , එහෙනම් මෙයාව නිදහස් කරන්නද

:       0       0

Raveendra Tuesday, 02 April 2019 11:49 AM

අහිංසක මහජනතාවගේ මුදල් කොල්ල කන අයට මෙසේ නිසි දඩුවම් දීම පිලිබදව අප ගරු අධිකරණයටත් විනිසුරුතුමාටත් අපගේ ආචාරය මෙන්ම ප්‍රණාමයද පුද කරන්නෙමු.

:       0       0

Bamunuarachchi Tuesday, 02 April 2019 11:52 AM

එක්කෝටි විසිලක්ෂයක වංචාවකට එක්කෝටි තිස් ලක්ෂයක වන්දිත් ගෙවලා රු ලක්ෂ 40 ක දඩත් ගෙවලා අවුරුදු 37 හිරේ යන්නේ මොකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site