(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විමසීම සඳහා ලබන 3 වැනිදා සඳුදා දිනය සම්පූර්ණයෙන්ම වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.
එසේම පාර්ලිමේන්තුව ලබන 3 වැනි සදුදා සිට 7 වැනි සිකුරාදා දක්වා දින 5ක් රැස්වීමටද තීරණය කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය.
COMMENTS