IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


’’රටක් ගැන කියන පුරෝකතන එහෙමම වෙන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටක් ගැන ආයතන සහ විවිධ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන පුරෝකතන එහෙමම ක්‍රියාත්මක වන්නේ නැතැයි කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අප ආණ්ඩුව ලබාගෙන අත්පත් කර ගෙන තිබෙන තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත්. රට ආර්ථික, මූල්‍ය, දේශපාලන, සමාජමය වශයෙන් ස්ථාවර වන බව සියලුම දෙනා තේරුම් ගනිමින් සිටිනවා. යහපත් ආණ්ඩුකරණය ගැන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් සිටිනවා. රටේ තත්ත්වය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙනයාම වැදගත් පුරවැසියෙකුගේ වගකීමක්.ජාතිවාදය කියන්නේ මනුෂ්‍යත්වයට නොගැලපෙන දෙයක්. මේ සභාවේදීත් යම් සිද්ධීන් ජාතිවාදයට සම්බන්ධ කරගන්නවා. රටක් ගොඩ ගන්නා විට සියලුම දෙනා ව්‍යවසායකත්ව  හැකියාව සහිතව ඉදිරියට ආ යුතුයි. ආයතන සහ විවිධ කණ්ඩායම් විසින්  පුරෝකථන ඉදිරිපත් කරන්නේ විවිධ දත්ත මත. ඒ පුරෝකතන එහෙමම වන්නේ නැහැ. ලංකාවේ ආයෝජනය කරන්න එපා වැනි මත හදන්නට එපා. ඉදිරියේදී නිෂ්පාදනය ඉලක්ක කරගත් සංවර්ධන බැංකුවක් නිර්මාණය කිරීමටද අප කටයුතු කරනවා "යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (4)

’’රටක් ගැන කියන පුරෝකතන එහෙමම වෙන්නේ නෑ’’

Asela Friday, 11 July 2025 04:57 PM

මාස 8ක් ඇතුළත කුමක් කීවත්, කුමක් කළත්, සියලු භාණ්ඩවල මිල දරාගත නොහැකි මට්ටමක පවතියි. සියලුම බයියෝ/ සජබයියෝ හෝ ජෙබයියෝට අවශ්‍ය වන්නේ ජීවන වියදම අඩු කිරීමට ක්‍රියාමාර්ග මිස හුදු කතා නොවේ...

:       1       7

ගුණරත්න Friday, 11 July 2025 05:13 PM

අපි දන්නවා, දන්නේ කොහොමද දන්නවාද? තමුන්නාන්සේලා ඒ කාලේ මවපු බිල්ලෝ ඔක්කෝම බොරු කියලා අද ඔප්පු කරලා තියෙනවා.

:       4       10

sene Friday, 11 July 2025 05:38 PM

උගත් කෙනෙක් මෙවැනි වගකීම් රහිත මැත කියන්න පෙලම්බවන්නේ? රටේ සහ අපේ අවාසනාවකි...

:       4       3

යෝගා Friday, 11 July 2025 06:14 PM

එහෙම පුරෝකථන ලැබිලා තියෙන්නේ රටේ වගකිව යුතු ඇමතිලා ටයි කෝට් දාගෙන නොදන්නා ඉංග්‍රීසි කතාකරන්න ගිහින් ලෝකෙටම විහිළුවක් වෙන නිසයි. එහෙම අමන ඇමැතිලායි ආණ්ඩුවේ පචයෝයි එක්ක රටක් දියුණු වෙයිද?

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 274 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1215 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site