IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොම්මඩ් බගේරි ප්‍රකාශ කළේය.

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් නැවතත් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් වඩාත් දරුණු ලෙස එම ප්‍රහාර වලට පිළිතුරු ලබාදෙන බව මොහොම්මඩ් බගේරි අනතුරු ඇඟවූවේය.

එම පිළිතුරු ලබාදීම ඩ්‍රෝන සහ මිසයිල 300 කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරමින් පසුගිය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයට වඩා විශාල එකක් වනු ඇති බව මේජර් ජෙනරාල්වරයා පැවැසුවේය.

ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට දින කීපයකට පෙර කලාපීය අසල්වැසියන්ට ප්‍රහාරය පිළිබඳ දැනුම් දුන් බවත් සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් සීමාවන් සහිත ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ල කරන බව ඇමෙරිකාවටද දින කීපයකට පෙර දැනුම් දුන් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් එරට සිටින තානාපතිවරුන් අමතමින් ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල ප්‍රහාරයට පිළිතුරු ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවත් නැවතත් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල නොකළහොත් මෙම අර්බුදය මෙතනින් අවසන් වන බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.

පසුගිය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයේදී සියයට 99 ඩ්‍රෝන සහ මිසයිල බිම දැමීමට ජෝර්දානයේ, ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ සහාය ඇතිව ඊශ්‍රායලයට හැකියාව ලැබුණත් ඇතැම් බැල්ස්ටික් මිසයිල ඊශ්‍රායලයට පතිත විය.

එම ප්‍රහාරයෙන් ගුවන් හමුදා කඳවුරකට හානි සිදු වූ අතර ඊශ්‍රායල දැරියක්ද ප්‍රහාරයෙන් තුවාල ලැබුවාය.

ඉරාන ප්‍රහාරයට පිළිතුරු ලබාදෙන ආකාරය සාකච්ඡා කිරීමට ඊශ්‍රායලය යුද කැබිනට්ටුව රැස්වීමට නියමිතව තිබිණි.

 



අදහස් (11)

’’යළි පහර දුනහොත් බලාගෙනයි’’

ජගත් ලියනගේ Monday, 15 April 2024 08:09 AM

ඉරානයට ජයවේවා! අපේ රටට, අමාරු කාලවලදී ගොඩක් උදව් කරලා තියෙනවා...

:       42       37

vincentMonday, 15 April 2024 04:34 PM

ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් එක දෙනවා... කැමැතිද යන්න...?

:       9       7

නිහාල් Monday, 15 April 2024 09:01 AM

තාම කෑම හම්බවුනේ නෑ. පලස්තීනයට අන්තිමට වුණේ දරුවෝ පෙන්න පෙන්නා අඬන්න...

:       29       33

Don perea Monday, 15 April 2024 11:28 AM

අමු ගොන්නු ඉන්න තවත් රටක්... ලංකාවට දෙවැනි නැහැ..

:       24       38

,chandana Monday, 15 April 2024 12:53 PM

බලහත්කාරකම සහ චන්ඩිකම. මේක තමයි ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රමය. කෑම ලැබෙයි වැඩි දවසක් යන්න කලින්...!

:       24       42

ධනුෂ්ක Monday, 15 April 2024 08:07 PM

මහත්මයා ඊශ්‍රායලය නේද ඉස්සර වෙලාම ඉරාන කොන්සියුලර් කාර්යාලයට ගැහුවේ, ඒ වගේම ඊශ්‍රායලය නේද බලහත්කාරයෙන් පලස්තීන භූමිය අල්ලගෙන ඉන්නේ ඉතිහාසය දන්නවාද?

:       2       4

චන්දන Monday, 15 April 2024 04:14 PM

වැඩිකල් නොගොස් ඊශ්‍රායලය ලොකු අමාරුවක වැටෙනවා.

:       26       12

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 15 April 2024 09:04 PM

ඉරානයට පහර දීමට ඇමෙරිකාව කිසිසේත් සහාය ලබා නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්‍යාහුට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙරටේ නායකයන් අතර විනාඩි 25 ක පමණ කාලයක් පැවැති දුරකතන සංවාදයකදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මෙම දැනුම්දීම සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

:       3       0

Bamunuarachchi Tuesday, 16 April 2024 03:46 AM

එතකොට ඇමරිකාව අකුලාගෙන යාවි නේද?

:       2       0

Anura Tuesday, 16 April 2024 06:29 AM

රටවල් දෙකෙන්ම සාමය බලාපොරොත්තු වෙනවා / දැන් මිනිසුන් යුද්ධයට වෛර කරනවා ඇමරිකාට සටන් කිරීමට අවශ්‍ය නම් ඔහුට නේටෝව සමඟ සටන් කළ හැකිය

:       2       0

Mohan Tuesday, 16 April 2024 06:32 AM

ඉරානය කියන්නේ ත්‍රස්තවාදී රටක්. අමු ගොබ්බයෝ ඉන්නේ . ලෝක සිතියමින් අතුගා දමන්න ඕනි

:       3       1

ඔබේ අදහස් එවන්න

දියත

වනනිලධාරීන්ට ප්‍රහාරයක්
2024 ජුලි මස 27 161 0

පුනරීන් අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට ඒම ප්‍රදේශයේ පුද්ගලයකු අඩවි වන කාර්‍යාල භුමියට පැමිණ පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඒක්


මාසෙ පඩි පත තුට්ටු දෙකට වැටිලා
2024 ජුලි මස 27 401 0

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 - 2024 අතර ක


පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 1808 2

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 729 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 3328 6

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 3251 4

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 168 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site