IMG-LOGO

‘‘සමලිංගික විවාහ ලංකාවේ ප්‍රචාරයට ඇතැමුන් උත්සාහ කරනවා‘‘

(අංජුල මහික වීරරත්න)

සමලිංගික විවාහ ලංකාවේත් ප්‍රචාරය කිරීම සඳහා යම් යම් සංවිධාන සහ ආයතන ඉදිරිපත් වී තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ බේරුවල දී පැවසූහ.

මෙවැනි දේ මානව අයිතිවාසිකමක් යැයි කියමින් සිටින බව කී අගරදගුරු තුමෝ ඒවා මානව අයිතිවාසිකමක් වෙන්නේ කොහොමදැයි ප්‍රශ්න කළේය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් මෙසේ කීවේ බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අගරදගුරු තුමෝ මෙසේද කීහ.

"අද තරුණ තරුණියෝ විවාහ ජීවිතය ගැන හරියට තේරුම් නොගෙන තමන්ගේ හැඟීම් වලට වහල් වී සහකාරයා හෝ සහකාරිය තෝරා ගැනීමේ කටයුත්තේ යෙදී තිබෙනවා. ඒ නිසා එය බොහෝ දුරට තාවකාලික අත්දැකීමක් පමණක් බවට විවාහ ජීවිතය හුරු වෙන්න පටන් ගෙන තිබෙනවා.

ඒ වගේම අද විවිධ දූෂිත ආකල්ප සමාජය තුළට ගලා එමින් පවතිනවා.පිරිමි -පිරිමි දෙන්නෙක් විවාහ වෙනවා.ගැහැණු- ගැහැණු දෙන්නෙක් විවාහ වෙනවා.විදේශ රටවල සමලිංගික විවාහ පවා සිදුවන තත්ත්වයකට පැමිණ ඇති නිසා ලංකාවෙත් මෙවැනි දේ ප්‍රචාරය කරන්නට යම් යම් සංවිධාන සහ ආයතන ඉදිරිපත් වෙලා තිබෙනවා.

මේක මානව අයිතිවාසිකමක් කියලා කියනවා.මේක මානව අයිතිවාසිකමක් වෙන්නේ කොහොමද?පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ කොහොමද?දරුවෝ ලබන්නේ කොහොමද? එදා ස්වාමිපුරුෂයා භාර්යාව පළමු වරට මුණ ගැසුණේ එක්කෝ සැමියාගේ ගෙදර. නැතිනම් භාර්යාවගේ ගෙදර.එදා මව්පියන් එකතුවෙලා කතා කරලා සිදු වෙච්ච විවාහ අද තියෙන තත්ත්වයට වඩා සාර්ථක විවාහ බවට පත්වෙලා තිබෙනවා.

ස්වාමිපුරුෂයෝ සහ භාර්යාවෝ තම තමන් යාළු වෙලා කසාද බැන්දාම ඒවා බිඳ වැටෙන අවස්ථා වැඩියි යනුවෙන්ද අගරදගුරු තුමෝ කීහ.

(ඡායා තුසිත කුමාරද සිල්වා)



අදහස් (2)

‘‘සමලිංගික විවාහ ලංකාවේ ප්‍රචාරයට ඇතැමුන් උත්සාහ කරනවා‘‘

යෝගා Sunday, 27 July 2025 05:37 PM

ඇයි නම කියන්න බයද?

:       1       11

පිටිගල මිලානෝ Sunday, 27 July 2025 06:43 PM

අද කොල්ලෙක්ට තනිපංගලමේ පාළු වෙලාවක පල්ලියකට යන්න පුළුවන්ද?

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site