IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


‘‘රට වහන්නේ නෑ:දැඩි සංචරණ සීමා පනවනවා‘‘

(අජන්ත කුමාර අගලකඩ)

රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත් ,ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද සඳහන් කර ඇත .

 



අදහස් (50)

‘‘රට වහන්නේ නෑ:දැඩි සංචරණ සීමා පනවනවා‘‘

Narada Wednesday, 18 August 2021 09:29 AM

හොඳ තීරණයක්, නීතියට වඩා ස්වයං විනය වැදගත් ය .. අනවශ්‍ය හේතු මත අපි එළියට නොයා යුතු ය.

:       78       43

Chana Wednesday, 18 August 2021 09:41 AM

ඔව්. එදා වේල හොයාගෙන කනවුන් ටික ඒක හොයාගන්න ඇවිදල මැරිලා ගියාම ඒ ප්‍රශ්නයත් ඉවරයි නෙ. මොකද උන් ආයෙ ජීවිතේට මෙයාලට චන්දයක් දෙන්නෙ නෑනෙ.

:       24       112

Bamunuarachchi Wednesday, 18 August 2021 09:54 AM

ඔබ හරියටම හරි. ජෙප්පන් බලාගෙන ඉන්නේ රට වැහුවාම තව 5000කුත් ඉල්ලන්න. ජෙප්පන් ඉන්නකන් මේ රට හදන්න බැහැ..

:       143       35

anaWednesday, 18 August 2021 12:20 PM

ඒ කියන්නේ රට වහන් නැත්තේ 5000 නිසා. මෝඩ කතා කියලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා. රජතුමයි වදුරයි වගේ....

:       12       80

anaWednesday, 18 August 2021 02:53 PM

ලක්ෂ 69 ක් සහ 2/3ට වඩා අරගෙනත් 4% ජෙප්පන් නිසා රට හදන්න බැරිනම්... ජෙප්පන් එතරම් බලවත්ද? එහෙනම් ඊළඟ වතාවේ ඔවුන්ට බලය දෙමු.

:       8       62

ගල්බමුණාWednesday, 18 August 2021 04:38 PM

හරියටම හරි ලක්ෂ හැට නවයයි තුනෙන් දෙකයි අරගත්තාම මොනවද කරන්න බැරි? ජේ.ආර්. කිව්වේ ගෑනියෙක් මිනිහෙක් කරන්නයි, මිනිහෙක් ගෑනියෙක් කරන්නයි හැර ඕනෑම දෙයක් කලහැකි බවයි. එහෙම තියාගෙන... කරගන්න බැරිවුණාම ජෙප්පන් පලි... ඉදිරියේදී එතරම් බලයක් තියෙන ජෙප්පන්ටම බලය පවරා දෙමු...

:       2       21

NuwanWednesday, 18 August 2021 05:47 PM

හැම මගුලකටම පොහොට්ටුවේ නොවන මිනිස්සු අල්ලගන්න එපා මුත්තේ...!!!

:       1       12

Ruwan R Wednesday, 18 August 2021 10:13 AM

ලංකාව දැන් ඒ තරමටම හිඟන රටක්... මේ තරම් ව්‍යවසනයකදීවත් සති 02, 03 කට රට වහලා මැරෙන මිනිස්සු ගණන අඩුකර ගන්න බැරි තරමට... හැබැයි ඡන්දයක් ළඟ තිබුණා නම් ඔය විදිහට නෙමෙයි නේද? මිනිස්සු ගැන හිතන්නේ... මේ තරමට ආර්ථිකය ගැන හිතනවානම් තව බිලියන 61... 5 ක ණයක් ගන්න යන්නේ මොකටද චීනෙන්... අපිව තවත් හිඟන්නෝ කරන්නද?

:       10       77

DasaWednesday, 18 August 2021 02:52 PM

ඔබ හරියට අවුරුදු 72ක් රට කෑවේ ජෙප්පෝ, අලියා, පොහොට්ටුව... ආරක්ෂා කරගත යුතුයි.

:       3       17

chamila Wednesday, 18 August 2021 10:17 AM

ඔය රුපියල් 5000 දෙන්න තියෙන හින්දා...!!!

:       11       61

අප්පුහාමි Wednesday, 18 August 2021 10:20 AM

සියලු මරණවලට ඒකාධිපති පාලකයා වගකිව යුතුයි.

:       16       125

sachith Wednesday, 18 August 2021 10:57 AM

එන්නත්කරණය කරපු ගමන් ප්‍රතිපල නොලැබෙන බව මේ දරුවට කවුරු හරි කියලා දෙන්න

:       12       115

මාම Wednesday, 18 August 2021 11:02 AM

ඔබ මෙරටට ශාපයක් වී ඇත, කරුනාකර ඔබ අයින් වෙන්න

:       17       141

රෝහිත Wednesday, 18 August 2021 11:17 AM

ඔබතුමා නම්බු පිටින් ගෙදර යනවද .මේ රට කරන්න පුලුවන් මිනිහෙක්ට බාර දීලා. මුලු රටේම මිනිස්සු අන්දවල බලය ගත්තට තමන් මොන තරම් දුර්වලයෙක්ද කියන එක අද ඔප්පු වෙලා ඉවරයි..පින්සිදු වෙයි.තවත් මිනිස්ස්සු නොමරා තොලින්චි වෙලා යන්න..

:       12       138

kumara Wednesday, 18 August 2021 11:19 AM

නොතේරෙන නිසා අහන්නෙ. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරනකොට එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් වලට ඒක බලපාන්නෙ නැතිද? ඒ අයට සංචරණ සීමා අදාල නැද්ද? එහෙම විශාල පිරිසකට බලපාන්නෙ නැති නමට විතරක් සංචරණ සීමා පනවන එකේ තේරුම මොකක්ද?

:       6       109

කල්පනාWednesday, 18 August 2021 04:42 PM

එදිනෙදා ජීවනෝපාය සරිකරන අය සංචරණය කළාම කොරෝනා හැදෙන්නේ නැද්ද?

:       1       15

Anura Wednesday, 18 August 2021 11:27 AM

මහත්තයෝ, ඔයාට පණවන්නයි ඉවත්කරන්නයි සංචරණ සීමාවක් තියනවද? මේ රටේ ජනතාවයි, වෙළෙඳ සංගම් සහ වෛද්‍යවරු ඒ ටික කරනවානෙ......

:       9       86

mp Wednesday, 18 August 2021 11:43 AM

ඔහොමම ඉන්න. මිනිස්සු මැරුණාම මොකද? ඔහොම්ම ඉන්න හොඳේ. එන්නත් ගැහුවම මැරෙන්නේ නැහැනේ. ඒ නිසා ඔය තීරණයේම ඉන්න. මේක රටට සාපයක්වූ ආණ්ඩුවක්.

:       9       63

Perera Wednesday, 18 August 2021 11:45 AM

රටේ යථාර්ථය අවබෝධ කරලා දෙන්න මෙයාගේ වටේ ඉන්නේ වන්දි භට්ට උපදේශකයින් නිසා මෙයාට රටේ ඇත්ත තත්වය ගැන පැහැදීමක් නැතුව වගේ...

:       7       51

Ishan Wednesday, 18 August 2021 11:46 AM

ඔව් ගොඩක් හොඳයි සර්...

:       28       16

Ratne Wednesday, 18 August 2021 11:53 AM

බබා කලබල වෙන්න එපා... දොයිය ගන්න. ඔයා තමයි හොඳටම කරන්නේ...

:       7       56

Shan Wednesday, 18 August 2021 12:11 PM

දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ?

:       7       42

Namal Wednesday, 18 August 2021 12:11 PM

පිස්සු වැඩක්... ගහන්න එපා..

:       2       12

ටිකිරි Wednesday, 18 August 2021 12:17 PM

රට වහන්න වහන්න කියලා බොරුවට කැගහ ගහ යන්නේ නැතිව තමුන් ගෙදරට වෙලා හිටියනම් ඉවරයි. තමන්ව බලෙන් ගෙදරින් එලියට දාන්නේ නෑ කවුරුවත්. රට වහලා තිබ්බත් මිනිස්සු වැඩට යන්නේ නැති එක විතරයි. නැ ගෙවල් වලයි ,යාලුවොන්ගේ ගෙවල්වල්යි යනවා. වහලා ඇරියේ ජුනි. ඊට පස්සේ උද්ඝෝෂණ .

:       50       18

PradeepWednesday, 18 August 2021 12:38 PM

සාමාන්‍ය ජනතාව මෙතරම් බුද්ධිමත් නම්, සිතන්න සහ තීරණය කරන්න ,මෙම දේශපාලනඥයින් කිසිවෙකුට හෝ බලයට ඒමට නොහැකිය. ඔවුන් පාලනය කිරීමට රජයක් අවශ්‍ය වන්නේ එබැවිනි. දුප්පත් මිනිසා පවා තම ජීවිතය රැක ගැනීම සඳහා ආහාර හිඟ කිරීමට කැමතියි.

:       4       29

AkilaWednesday, 18 August 2021 12:46 PM

ජුනි මාසේ වැහුවේ ලස්සනට , ගෙදරට වෙලා හිටිය මිනිස්සුන්ට විතරයි නීති දැම්මේ , රට වහන්න කියල ඉල්ලන්නේ රට වටේ ඇවිදින අය නෙමෙයි , දැනටමත් අනවශ්‍ය ගමන් බිමන් නැතිව ආරක්ෂා වෙලා ඉන්න අය , මොකද චාරයක් නැති අය නිසා හොඳ මිනිස්සුත් අමාරුවේ වැටෙනවා

:       1       31

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 18 August 2021 12:21 PM

" කීකරු වියයුතු තැන්හි කීකරු විය යුතුයි. ඍජු විය යුතු තැන්හි ඍජු විය යුතුයි " යන බුදුදහමේ ඇති ඉගැන්වීම පාලකයෙකු නොදැනීම හෝ එයට පයින් ගැසීම හෝ කරනා විට,ඇතිවෙන ප්‍රායෝගික ගැටළු ජනතාවට ඉතා හොඳින් මේ කාලයේදී වැටහේ.

:       5       34

සමීර Wednesday, 18 August 2021 12:40 PM

විදෙස් රටවල රැකියාව කරන අය නිරතුරුවම තම ආදරණීයයන්ගේ ආරක්ෂාව ගැන විමසිලිමත් වේ. එය හොඳ දෙයකි..... ඔවුන් ඇතුළුව පහළොස් ලක්ෂයක රාජ්‍ය නිලධාරීන්ගේ සහ සෙසු ස්ථීර ආදායම්ලාභීන් ගේ කැමැත්ත ද රට වසා දැමීමයි...... ඔවුනට පුරුදු සුපිරි වෙළඳසැල් වල බඩු නිමවූ පසුව, ඔවුන් යන්නේ දුප්පත් මිනිසා යන වෙළඳසැල් වෙතටය. ඒවාද හිස් කර දමයි. ඇතැමුන් මත්පැන් ද ගබඩාකර ගනියි. .... මින් දුප්පත් මිනිසා අන්ත අසරණ වේ. රට වසා දැමුවහොත් ඔවුන්ට ආදායමක් නැත. රජයද මුහුණ දී ඇත්තේ අසීරු ගැටලුවකට ය.

:       16       16

fairoos Wednesday, 18 August 2021 12:44 PM

උද්දච්ච කම සහ තම දේශපාලන අරමුණු පසෙක තබා කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය දැන්වත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ප්‍රවීණයන්ට භාර දෙන්න

:       7       40

Hafeel Wednesday, 18 August 2021 12:45 PM

රටේ ආර්ථිකයත් තිබුනොත් නේ පවත්වා ගෙන යන්න ඕනේ . හරියට පැදුරෙන් වැටිච්ච කතාවක් නේ මේක. ඇඳෙන් වැටුනොත් යම් හානි වෙන්න පුලුවන්. නමුත් පැදුරෙන් වැටුනයි කියල කව්රුත් කියන්නේ නැහැ. ඒ වගේම තමයි මේ කතාවත්.

:       4       33

Ruwan RWednesday, 18 August 2021 03:07 PM

අර නාරද කියන විදිහට, අවශ්‍ය හේතුවලට එළියට ගියාට කොරෝනා හැදෙන්නේ නැද්ද? 

:       2       16

ෆසීල් Wednesday, 18 August 2021 12:57 PM

එදා මෙන්ම අදත් කොවිඩ් වසංගතය ගැන තීරණ ගන්නේ විශේෂඳවරුන් තමයි. එය තාමත් වෙනස්වී නැත.

:       21       10

Anura Wednesday, 18 August 2021 01:12 PM

මහත්තයෝ, ඔහේ රට වහන්නෙ නැත්තේ ආර්ථිකේ බේර ගන්නලු නේද?... ඒත් ඔහේටත් ඔහේට වන්දිහට්ටකම් කරන උපදේශකයන්ට තේ⁣රන්නෙ නැද්ද පවුලක ආර්ථිකේ රකින මනුස්සයන් මැරිලා රටේ ආර්ථිකේ හැදෙන්නෙ කොහොමද කියලා.... මේ ගැන බුද්ධි තොරතුරු ලැබුනේ නැද්ද... රැවන්වැලි සෑය ඉදිරිපිට වගේම රට වටේම කියාගෙන ගිය " ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. මම මගේ යුතුකම ඉටු කරන්නම් " කියන ලැඡ්ඡාවක් නැති කියමන මතකද?.........

:       4       36

මහසෙන් Wednesday, 18 August 2021 01:43 PM

බලන් යනකොට මිනිස්සුන්ව ආරක්ෂා කරනවා කියලා ආපු නායකයින්ම තමයි මිනිසුන්ව බිලිදීලා තියෙන්නේ. ඔය සංචරණ සීමා කියන වචනෙත් දැන් කුජීත වෙලා ඉවරයි. ඕක දැම්මම පොඩි මිනිස්සුන්ට සල්ලි හම්බ වෙනවා ඇති. අන්තිම මිනිහගේත් පෙට්ටියට ඇනේ ගැහුවාම සැනසීම.දැනෙයි නේ මහත්තයෝ... මේක දැන් නම් ශාපයක්...!!! 

:       3       25

Raveendra Wednesday, 18 August 2021 01:48 PM

මල්ශාලා හිමිකරුවන්ගේ ආර්ථිකේ ගැනද සර් කියන්නේ? ගොබ්බසේනලාට පුලුවන් ඥාණක්කා කියන විදියට දේවාල ගානේ යන්න විතරයි..

:       4       24

Buddhika Wednesday, 18 August 2021 02:10 PM

ඔබ මේ රටට ඉතිහාසයේ දැවැන්තම ශාපය වී ඇත. මොහු බලයට ගෙනා 69 ලක්ෂයක මුග්ධයෝ මෙයට වගකිව යුතුයි. ආර්ථිකය හදන්න රට වහන්න බැරිලු... මිනිස්සු මැරී වැටෙද්දී ආර්ථිකය හරි යයිද? ඒ මැරෙන මිනිස්සුන්ගේ ශාපයට මොවුන් මුහුණ දිය යුතුයි.

:       3       25

විජිත් Wednesday, 18 August 2021 02:30 PM

මට තවමත් මතකයි... රටේ ජනතාවට පල් හෑලි ගොඩක් කියලා... අතේ පැලවෙන බොරු රැසක් කියලා.. රටේ ජනතාව මුලා කරලා, රටේ ජනාධිපති ලෙස දිවුරුම් දීලා වැඩ බාරගත් අවස්ථාව... අග්‍ර විනිශ්චයකාරවරයා ඉදිරියේ දිවුරුම් දීලා පත්වීමේ ලිපියට අත්සන් කරලා.., ඒ අත්සන් කළ පෑන කුඩා පෙට්ටියකට දමා වැසුවා. ඒ එදා... අද මොහු පෙට්ටිවලට දමා වසන්නේ තමන්ට මුලාවී ඡන්දය දුන් රටේ මිනිස්සුන්ගේ මළසිරුරුයි. අද ශ්‍රී ලාංකිකයින් අත්දකිමින් සිටින්නේ ඒ අවාසනාවන්ත ඉරණමයි...සමහරවිට මිනිසුන් අතින් මොහුගේ ඉරණම විසඳුනොත්... රටේ අභාග්‍යමත් යුගය අවසන් වේවි...!!!

:       2       29

Rata Perata Wednesday, 18 August 2021 02:50 PM

සාපරාධී සමූහ ජන ඝාතන චෝදනාවකට මේ මනුස්සයා පාර කපා ගන්නවා වගේ...

:       1       24

Ratnayeke Wednesday, 18 August 2021 03:00 PM

සරල තේරුම දසදහස් ගණනක් මියගියත් දිනපතා බදු මුදල් නැති කරගන්න බෑ. බංග්ලාදේශයෙන් දෙවන වරටත් ඩොලර් ණයට ගන්න තරමට රට දුප්පත් වෙලා. බහුතරයක් වෙනස් වුනේ නැතිනම් බලය ගන්න ජාතිවාදී දේශපාලනය කරන පිරිස් බලය ලබාගෙන රටේ අනාගතය නැත්තටම නැති කරනවා...

:       4       11

chithral Wednesday, 18 August 2021 04:07 PM

මොලේ කචල්ද..? ඔබ මිනිසෙක්ද?

:       0       4

Vidusha Wednesday, 18 August 2021 03:03 PM

ප්‍රාණඝාතයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුයි. 1 ප්‍රාණියෙකු වීම - අදට වාසය කරන සියළු ලක් ලක් වැසිෙයා් ප්‍රාණින්ය 2 ප්‍රාණියෙකු බව දැන ගැනීම, රටේ පාලකයින් ඔවුන් ප්‍රාණින් බව දැනසිටීම 3 පණ නැසීමේ සිත, ප්‍රාණය බේරා දීමට නොසිතීම (කෝවඩ් 19 පැතිරීම පිළිබඳව අවශ්‍ය පියවර නොගැනීම) 4 ඒ සඳහා යොදන උපක්‍රම, ප්‍රාණය බේරා දීමට උපක්‍රම නාෙයදීම (කෝවඩ් 19 උපරිමයෙන් පාලනය නොකිරීම) 5 එයින් මරණය සිදුවීමයි. (කෝවිඩ් 19 ආසාදනය වීමෙන් මරණයට පත්වීම) එහෙයින් මේ පාලකයින්ට ප්‍රාණඝාත අකුසලෙයන් මිදීමට නොහැකිය...

:       2       10

Viki Wednesday, 18 August 2021 03:26 PM

පිස්සු වැඩනේ කරන්නේ?

:       2       10

kumara Wednesday, 18 August 2021 04:10 PM

පිස්සෙක් රජවුණාම කරන දේවල් පෙනෙනවා නේද බයියනේ? මෙයාට ඡන්දය දුන් මෝඩ බයියන් සියලු දෙනාම මේ විනාශයට වගකිව යුතුයි.

:       5       17

Agbo Wednesday, 18 August 2021 04:37 PM

රට මාසයකට වහන්න කියන ඔය දොස්තරලා ඇයි නොකියන්නේ අපිට ඒ මාසෙ පඩි එපා. ඒවා එකතු කරලා දෛනික ආදායම් නැති අයට දෙන්න කියලා. මේ අයත් ජෙප්පන් වගේම කුහකයින්...

:       11       2

prema Wednesday, 18 August 2021 04:46 PM

මුහුණ දකිනකොට බයක් තමයි හිතෙන්නේ...!

:       2       5

ඉඳුනිල් ප්‍රියන්ත Wednesday, 18 August 2021 06:43 PM

1948 සිට කරපු ඓතිහාසික වැරැද්ද නිවැරැදි කර මේ කොළ, නිල්, මුග්ධ පාලනය අවසන් කර ජාතික ජනබලවේගයට රට බාරදෙමු...

:       4       8

ඩයස්Thursday, 19 August 2021 07:29 AM

ඔය බලවේගයට රට යන්නේ නැහැ . ඔවුන්ගේ දේශපාලන සංවාද අසා, ඉතා පැහැදීමෙන් අනූ ගණන් වලදී මාද ඔවුනට ඡන්දය දුන්නා. එහිදී එම රතු පක්ෂය ආසන 38 ක් පමණ ලබා ගත්තා. රනිල් අගමැති..... ඔහුට රට කරන්න දුන්නේ ම නැහැ . ඔහු විදේශ රටක සිටින විටකදී චන්ද්‍රිකාට කේලාම් කියා, ඇය ලවා එම රජය පෙරලා දැමුවා...... නූතනයේ සිටින අළුත් පරපුර ද ඔවුන්ගේ දේශපාලන සංවාද අසන බව පෙනෙනවා...... ඒවාට වශීවෙලා වගේ.. ඔවුන් බලයට පැමිණියහොත් අන්‍ය ආගමික කරණය බලවත් විදියට සිදුවේවි.... පාඩුව වන්නේ බෞද්ධයන්ට සහ කතෝලිකයන්ට. එම පක්ෂයේ නායකයා මේතෝදිස්ත ආගම අදහන්නෙක්.... සෙස්සන් ගෙන් ඇතැම් අය බෝන් අගේන් නිකායේ කියලයි ආරංචි . ඉතින් හොඳින් හිතා බලන්න .

:       0       0

ranjith Wednesday, 18 August 2021 08:06 PM

රෝහල්වල දිනපතා කාර්යමණ්ඩලේ සෑහෙන සංඛ්‍යාවක් කොවිඩ් හැදිලා නවතිනවා.

:       0       0

ranjith Thursday, 19 August 2021 05:30 AM

කොරෝනා අඩු වැඩි වීමට හේතු විද්‍යාත්මකව සොයාගෙන, එම අත්දැකීම් තුළින් නව ක්‍රමෝපාය මගින් ඉදිරියට යා යුතුය. එසේ වුවත් දේශපාලකයෝ කටට එන කතා කියමින් දේශපාලනේ කරනවා.

:       0       0

Adhithya Thursday, 19 August 2021 03:30 PM

3% ම මෙතනට බැහැලා වගේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාටේ නීතිය තහනමට මුදල් කමිටුවේ අනුමැතිය
2024 මැයි මස 02 145 0

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.


ගම්පහට මී උණ අවදානමක්
2024 මැයි මස 02 159 0

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම් 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙ


වීසා දෙන්න ඉන්දීය සමාගමකට දී මහ අවුලක් වෙලා
2024 මැයි මස 02 730 4

කටුනායක ගුවන් තොටුපොළ තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඉන්දීය පෞද්ගලික සමාගමකට පැව


වැලිඔය ගොවි රජෙක් අඛණ්ඩ උපවාසයක
2024 මැයි මස 02 201 0

රජයේ ඇතැම් නිලධාරීන් තමන් රවටන බවට චෝදනා කරමින් තමන් මුහුණ පා සිටින ගැටළුවලට විසැඳුම් ඉල්ලා වැලිඔය හැලබවැව ගොවිසංවිධානයේ සභාපති ඇතුලු පිරිසක් අද (02) උ


එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක
2024 මැයි මස 02 456 3

උතුරු පළාතේ සංචාරයක නිරත නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක එරික් සෝල්හයි


රැඳවියෙක්ගේ සිරුර කුටියේ එල්ලෙයි
2024 මැයි මස 02 395 0

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියකුගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයා ගත් බව බලගොල්ල පොලිසිය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 451 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1871 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1669 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site