IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘‘ජනපති බොරු මල්ලක් ඉදිරිපත් කළා‘‘

(නිමල කොඩිතුවක්කු සහ චමිලා අල්විස්)

ජනාධිපතිවරයා අයවැයක් යැයි පවසමින් බොරු පච මල්ලක් ඉදිරිපත් කරමින් ජනතාව යලිත් වතාවක් නොමග යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරයා සිනාසෙමින් කැරකි කැරකි අදහස් ප්‍රකාශ කරමින් අයවැය ලෙස බොරු මල්ලක් ඉදිරිපත් කළ බවත් බොරුව මුසාව මුලාව අසත්‍ය ජනතාව ඇන්දවීම හරහා ඔවුන්ගේ රජයේ පැවැත්ම තහවුරු කර රටේ ජනතාව අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

2026 වසර වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළ දෙවැනි අයවැය තුළ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාව ඡන්ද වැඩපිළිවෙළ අද ක්‍රියාත්මක වන්නේද කියා සොයා බලන ලෙසත් විපක්ෂනායකවරයා එහිදි පැවසීය.

අද රජය ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් බොරු කිය කිය යන බවත් බොරුව සමාජගතව ඔවුන්ට නිරන්තරයෙන්ම රාජ්‍ය බලයේ ඉන්නලට ලැබෙයි කියා ඔවුන් සිතන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

 



අදහස් (8)

‘‘ජනපති බොරු මල්ලක් ඉදිරිපත් කළා‘‘

Rata Perata Sunday, 09 November 2025 06:10 PM

මොනසික මට්ටමේ තරම පේනවා... නැවත අධ්‍යාපනයක් දෙන්න ඕනෙ වගේ...

:       3       30

Neel Sunday, 09 November 2025 06:32 PM

හර්ෂ ද සිල්වා මහතා කරපු ප්‍රකාශය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරපු ප්‍රකාශය අයවැය සම්බන්ධව එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. බොරුව සහ ඇත්ත නැත්ත මහජනතාව තීරණය කරයි.

:       3       30

Nandana Sunday, 09 November 2025 06:42 PM

අනේ යන්න...

:       3       20

ලක් අම්මා Sunday, 09 November 2025 07:02 PM

තමුන්ගේ කියුම් කෙරුවාවල් ගැන නම් කියන්න වචන නැහැ. බොරුව සමාජගත කරලා ජනතාව අන්දවන්න හැදුවාට වැඩක් වෙන එකක් නැහැ.

:       3       24

C.K.Lankaputhra Sunday, 09 November 2025 07:03 PM

ඔබගේ පක්ෂයේ ලොකුම ආර්ථික විද්වතා කිව්වේ ජනාධිපති අනුර කුමාර කිව්වේ බොරු මල්ලක් කිවූ බවද? ඔබතුමාට එතුමාට වඩා ලොකු මොලයක් නැති බව ඔබතුමා පිළිගන්නවද? අනේ යන්න...

:       3       23

Asanga Sunday, 09 November 2025 07:32 PM

බොරුව ඇත්ත වෙනකොට ඔබට යන එන මං නැතිවෙයි. එතකන් ඉන්න.

:       3       22

චතුරි Sunday, 09 November 2025 07:42 PM

ඉන්දියාවෙ. ඉදන් ආවේ ඔය ටික කියන්නද? දැන් මේ මාලිමා ආන්ඩුව කරන හැමදේම ගොබ්බ පැටවුන්ට බොරුවක් වෙලා. ගොබ්බයෝ වැඩ කෙරුවේ. පෙරාපු රත්තරන් වගේ නේද? අනේ පලයන් බන් යන්න. ඉන්දියාවේ හමුවුණු සේරම ඔලුවහරවහරව හිනහා වෙනවාලු... කතා කරපු විදියට... ඩික්ශනරියෙත් නැහැලු ඒ වගෙ වචන හොර නඩේ අඩනවා එයාලා විතරන් ගියේ නැහැ කියලා. අද කොහොමද තමුන් ජනාදිපති පුටුවේ හිටියා නම් අලුතෙන් ෆයිලට් ගෙන්වයි මන්ගල ගමන යන්න. දන්මුන් සේරම අවමන්ගල ගමන යන්නේ. එක වෙඩි උන්ඩෙන් පාතාලෙත් එක්ක ගනු දෙනුකරලා මැරුණාම කියනවා රජය ආරාක්ෂා කෙරුවේ නැහැලු. නුඹලා රජයට කිව්වාද මේ වගේ කට්ටියගෙන් වැඩ ගන්නවා කියලා. නූගත් මීහරක් කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක්...

:       2       18

රනේ Sunday, 09 November 2025 09:07 PM

විපක්ෂයක් සහ විපක්ෂ නායකයෙකු උවමනා කර තිබේ..

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site