IMG-LOGO

‘‘අනුර මිටරය‘‘ ජනගත කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබාදුන් පොරොන්දු කෙතරම් ප්‍රමාණයක් ඉටුකර ඇත්දැයි මන බලන "අනුර මීටරය" ජනතා අයිතියට පත්කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය  අද ප්‍රකාශ කළේය.

"අනුර මීටරයෙන්" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරණයේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දු 22 ක ප්‍රගතිය මැනබලනු ඇති බවත් මන්ත්‍රී.එල්කේ වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් "අනුර මීටරය" පරිශීලනය කළ හැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ජනතාව ඉහළ උනන්දුවක් දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ මර්දනය, නීතිය හා සාමය, සහ සමාජ ආරක්ෂණය යන අංශයන් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් පොරොන්දුවල ප්‍රගතිය "අනුර මීටරයෙන්" මැන බලනු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

"අනුර මීටරය" සඳහා ප්‍රධාන මුලාශ්‍ර තුනකින් තොරතුරු එකතු කරනු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

 



අදහස් (15)

‘‘අනුර මිටරය‘‘ ජනගත කරයි

Lontha Sunday, 13 July 2025 11:06 PM

මීටරයෙ පාස්කු අල්ලනවා කිව්ව එකයි රාජපක්සලාගේ සල්ලි ගේනවා කිව්ව එකයි නැද්ද? මමත් අනුරට තමයි දුන්නේ

:       3       14

sunil Monday, 14 July 2025 12:30 AM

තවත් බොරුවක්

:       27       10

Perera Monday, 14 July 2025 01:30 AM

දූෂණය මැඩලීම නම් හොඳටම යනවා. ඉතුරු ටික බලමු තවත් අවුරුද්දකින් එක හමාරකින් විතර.

:       12       35

vis8 Monday, 14 July 2025 07:33 AM

"බොරු" මීටරයක් දැම්මොත්නම්... එල

:       18       17

යෝගා ඩෝබි Monday, 14 July 2025 08:22 AM

පුලුවන්නං ෆෙරාරි මීටරෙත් ජනගතකරන්න හොරකම, වංචාව. දුෂණය, නාස්තිය, බාර් ලයිසන්, ෂෙඩ් ලයිසන් ගැන මනින්න පුළුවන් එතකොට. අපි තමයි හොඳටම කොරේ

:       8       19

Asela Monday, 14 July 2025 08:24 AM

මීටරය හෝ බැරෝමීටරය කුමක් වුවත්, භාණ්ඩවල මිල තවමත් එසේමය. කිසිවක් වෙනස් වී නැත. දේශපාලනඥයින් පවසන්නේ නාස්තියක් නැත, සොරකම් කිරීමක් නැත, දූෂණයක් නැත. සිතීමේ හැකියාවක් නොමැති අය හැරුණු විට ජනතාවට දේශපාලනඥයා කවුද යන්න වැදගත් නොවේ, මේ අවස්ථාවේ ජීවන වියදමයි. ඉතින්, අනුර තම කණ්ඩායම අසාර්ථක බව ඔප්පු කර ඇත.

:       22       16

ගුණරත්න Monday, 14 July 2025 08:28 AM

අනුර මීටරේ දැන් ලකුණ තියෙන්නේ බින්දුවේ. ඇමතිලා ජාත්‍යන්තර නෑමක් නානවා, ජනාධිපති ප්‍රාදේශීය රැස්වීම් වලත් නානව්ව. ගෝරනාඩු කරලා ලකුණු දාගන්න ට්‍රයි කරාට වැඩක් නැහැ, වැඩ බින්දුවයි. මීටරේ බින්දුවේ ගල් වෙලා, එත් එකක් කියන්න ඕන කය්ය නම් ඇති විශිෂ්ඨයි. ලකුණු 100ම තියෙනවා

:       33       21

මාලිමාපෙන්දා Monday, 14 July 2025 09:40 AM

පාතාලයෙන් සහ කොටි ඩයස්පෝරාවෙන් අහලා බලමු.

:       12       25

චන්දන Monday, 14 July 2025 10:44 AM

මීටරය ජනගත කලාට එහි අගය බින්දුවයි හොරු අල්ලල රටක් දුවන්න බෑ . නිෂ්පාදනය වැඩිකල යුතුයි.ඒව වගේ වගක් නැ.බඩු මිල වේගෙන් ඉහලට. බඩ පුරවගන්න මිනිස්සු පුදුම දුකක් විදින්නෙ.වසරකට දෙපාරක් පඩි වැඩි කරනව කිව්ව.කෝ ඒව මතකත් නෑ .ලයිට් බිල ,ඉන්දන මිල,ගැස් කෝ කිව්ව සහන?බොරු වපුරල මිනිස්සු අන්දල බලය අරගෙන අද නන් දොඩවනව

:       22       20

sosad Monday, 14 July 2025 12:15 PM

පච මීටරේ ජනගත කළා කළා නම් අගය 100%. ඊට අමතරව කයිවාරු මීටරේ, විහිළු මීටරේ, හානා මීටරේ වගේ ඒවත් එනකන් ජනතාව බලන් ඉන්නවා.

:       2       3

saman Monday, 14 July 2025 12:21 PM

ලංකාවේ මිනිස්සු හොරු ඇල්ලීමෙන් රට දියුණු කරන්න බලාගෙන ඉන්නේ.. සංවර්ධන ව්‍යාපෘති වලින් නොවේ... ගොබ්බයෝ මේක තේරුම් ගන්නකොට තව අවුරුදු 5ක් ඉවරයි...

:       3       3

මැක්ස් Monday, 14 July 2025 12:26 PM

මාලිමා "වොෂින්ටන්වරු" එම සමීක්‍ෂණයටත් බැහැලා ලොක්කාගේ අගය වැඩි කරලා දෙයි. නමුත් අනුර මීටරය පමණක් නොවෙයි, ආණ්ඩුවේ සමස්ත සියලු මීටර් ෆේල් බව මේ වන විට ඕනෑවටත් වඩා ඔප්පු වී ඇත...

:       4       12

sene Monday, 14 July 2025 12:34 PM

රටක සංවර්ධනය මැනීමේ දණ්ඩ වනුයේ ජනතාවගේ ජීවන තත්වයයි. අපි කන හැටි ලිපා දනී කියලා තියනවානේ... අපට අනුර මීටරේ වුවමනාවක් නැහැ. අපි මැරිලා, ඉපදිලා නැහැ. ඔබලාගේ තමන්ගේ වර්ණනාවේ දුගඳ අහස් උසට....

:       2       9

විපරමා Monday, 14 July 2025 01:11 PM

හිටපු දූෂිතම පව්ල් පාලනේ අය මැති ඇමැතිකම් අරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම කාබාසිනියා කෙරුවා ආසියාවේ ආස්චර්ය ලෝකෙටම පෙන්වපු විදිහ වහලුන්ට මතක නෑ.

:       6       2

කපුරුහාමි Monday, 14 July 2025 01:45 PM

ආරක්ෂකයෝ පිරිවරාගෙන දූෂිත දේශපාලුවෝ මහාහයියෙන් සද්දේ දාගෙන ගිය කාලේ දැන් නැහැ. මහින්ද චින්තනය 1,2, තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම, කියලා ජනතාව රවට්ටපු රැවටිල්ල. ඒ අතින් ජනතාවාදි අදූෂිත නායකයගේ වැඩ පිළිබදව අපි සෑහීමකට පත් වෙනවා.

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 11 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 23 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 435 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site