IMG-LOGO

‘මාලිමාව’ට සහය දැක්වූ ගාල්ල මන්ත්‍රීට‘ පොහොට්ටුව’ තහනම්

(යොහාන් භාසුර)

ගාල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා එම සභාවේ නගරාධිපතිවයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත්කිරීම සඳහා අද (20) පැවැති ඡන්ද විමසීමේදී එම පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් පක්‍ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාතාමක වන පරිදි අත්හිටුවූ බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

එම මන්ත්‍රීවරයා ඡන්ද විමසීමේදී පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් නියෝජ්‍ය නගරාධිපති තරගයට ද ඉදිරිපත්ව ඇති බවත් ඔහු පක්‍ෂයේ සියලුම තනතුරුවලින් ඉවත්කකළ බවත් ලේකම්වරයා කීය.

අදාල චෝදනාව සම්බන්ධයෙන් නිසි චෝදනා පත්‍රයක් ඉදිරියේදී යොමුකරන බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

‘මාලිමාව’ට සහය දැක්වූ ගාල්ල මන්ත්‍රීට‘ පොහොට්ටුව’ තහනම්

ඉන්දික Friday, 20 June 2025 03:26 PM

මන්ත්‍රීකම විකුණලා කෝටි ගණනක් ගන්නවා. ආයේ මන්ත්‍රීකම නැතිවුණාට කමක් නැහැ. මාළුමාවත් ඕනෑම ජරාගොඩක ළඟින් ඌරෙක් කියලා ඔප්පුකරන් යනවා. ජනතාව බලාපොරොත්තු වුනේ මේ වෙනස නොවෙයි...

:       16       12

ගමේ එකාලා Friday, 20 June 2025 03:37 PM

මොලේ ඇති මනුස්සයෙක්... හොර දූෂිතයෝ එක්ක ඉඳලා ගමනක් නෑ කියලා හිතෙන්න ඇති.

:       9       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site