IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘පරාටේ’ නීතිය බලගැන්වේ

(යොහාන් භාසුර)

බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපළ පවරාගැනීමේ බලය හිමිවන  අත්හිටුවා තිබූ ‘පරාටේ’ නීතිය අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලාත්මක විය.

‘පරාටේ’ නීතිය නැවත බලාත්මක කළහොත් මෙරට කර්මාන්ත කඩාවැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු බොහෝ ව්‍යාපාරිකයන් පෙන්වා දුන් අතර ‘පරාටේ’ නීතිය අවම වශයෙන් තවත් වසරකට අත්හිටුවන ලෙස එහිදී ව්‍යාපාරිකයන් රජයෙන් ඉල්ලා සිටියේය.

‘පරාටේ’ නීතිය සහ එම නීතියත් සමඟ බැංකු කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

එම සාකච්ඡාව ප්‍රගතියකින් තොරව අවසන් වීම නිසා ඊයේ මධ්‍යම රාත්‍රීයෙන් සිට ‘පරාටේ’ නීතිය නැවත බලාත්මක විය.

කෙසේ වෙතත් මෙරට ව්‍යාපාරිකයන් මුහුණදී සිටින ‘පරාටේ’ නීතිය සම්බන්ධ ගැටලුව ඇතුළු ගැටලු පිළිබඳව තවත් සාකච්ඡාවක් මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී හෙට (2) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතය.  

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘පරාටේ’ නීතිය මාස තුනකට අත්හිටුවූ අතර ඊට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 'පරාටේ’ නීතිය මාස හයකට අත්හිටුවා තිබුණි.



අදහස් (0)

‘පරාටේ’ නීතිය බලගැන්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 534 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site