IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘

( සුමිත් පොතුපිටිය)

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය. 

ඒ මහතා මේ බව සඳහන් කලේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .

අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා.  මෙතන ඉන්න අය මොකක්ද කරන්න ඕන කියල දන්නවා.මොකක්ද අවශ්‍යතාවය කියලා හැමදේම දන්නවා. මේ කණ්ඩායම මදි වුනොත් තව පොලිස් යතුරුපැදී කණ්ඩායමක් පිහිටවනවා. 

අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියලා සියලු පොලිස් නිලධාරීන් දන්නවා.මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි.ඔබලා සියලු දෙනාටම පඩි වැඩි කිරීම් ඇතුළු හැම දෙයක්ම කලා . මම ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යාම පමණයි.

 

 



අදහස් (15)

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘

sachith Thursday, 25 April 2024 01:23 PM

පැන්ඩොරා හොරෙක් පොලිසියට කියනවා හොරු අල්ලන්න කියලා

:       20       46

Akila Thursday, 25 April 2024 01:39 PM

එතකොට උසාවි වලින් වැඩක් නැහැ , හිතුන හිතුන පොලිස්කාරයා ඕනේ කෙනෙක්ට වෙඩි තියල දායි

:       15       39

Perera Thursday, 25 April 2024 01:48 PM

වරෙල්ලාකෝ ඡන්දේ ඉල්ලගෙන දෙන්නම් අපේ වැපන් වලින්

:       15       40

අරවින්ද මොනරවිල Thursday, 25 April 2024 01:55 PM

අතේ තියන වෙපන් එක හරි විදියට පාවිච්චි කරනවා නම්, රාජපක්ෂලා එක්ක එකතු වෙලා කොටින්ට සල්ලී දුන්නා, සුනාමියෙන් අනාත වුණ උතුරු නැගෙනහිර මිනිසුන්ට ගෙවල් හදන්න දුන්න සල්ලී පිල්ලී ගැහුවා ඔතන ඉන්පනල් හොරාගේ ඔලුව කුඩු වෙන්නම තියන්න ඕනා.

:       12       39

Nihal Thursday, 25 April 2024 02:14 PM

රටේම දෙමාපියන් ඔබ සහ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමගයි

:       37       19

Ruwan Thursday, 25 April 2024 03:23 PM

ආයුධ හරි විදියට පාවිච්චි කෙරුවා නම් මෙලහකට ඇමැතිතුමාලා වගේ තක්කඩි ජීවත්වෙලා ඉන්නේ නෑ.

:       5       32

රෝයි ෆෙඩ්රිකස් Thursday, 25 April 2024 03:59 PM

අති භයානක ප්‍රකාශයක්. නුදුරේදීම තමන්ට අත් වන්නට යන ඉරණම සිහි වී ලේ පිපාසිත පාලකයින් මරුවිකල්ලෙන් දොඩවනවා. රන්ජන් විජේරත්න අවසන් ගමන් ගිය හැටි අමතකද උන්නැහැ? පොලිස්කාරයෝ අමාරුවේ වැටුණුවිට ඔය ප්‍රතිඥා දෙන දේශපාලකයෝ අහලකවත් නැහැ. තුවක්කුව පත්තුකිරීමට පෙර අනුර සේනානායකට වාස්ගුණවර්ධනට සිදුවූ දේ සිහියේ තබා ගතහොත් මැනවි...

:       8       27

පුරවැසියා Thursday, 25 April 2024 05:12 PM

අපි නම් අපේ බැලට් එක පාවිච්චි කරන්න බය වෙන්නේ නැහැ. ඊ ළඟ ඡන්දෙදී ජනතාව ගොනාට අන්දවන අයව ගෙදර යවන්න...!

:       4       19

ගමේ එකාලා Thursday, 25 April 2024 05:33 PM

සුදු වෑන් ඝාතන අතුරුදහන්, මිනීමෝරු කරවපු, ඝාතකයෝ ඉන්නේ දියවන්නාවේ. මුලින්ම වෙපන් එක පාවිච්චි කරන්න තිබුනේ ඔවුන්ට...!

:       4       15

සමන් විමල් Thursday, 25 April 2024 08:49 PM

කුඩ්ඩන්ට මල පැනලා .

:       1       0

විජිත් Thursday, 25 April 2024 11:18 PM

පිරිසිදු දෑතක් ඇති කෙනෙක් ඔය කතාව කීවානම් ප්‍රශ්නයක් නැහැ. ඔයිට වැඩිය ලොකු කොන්ඩෙ සුදු ,හොඳ වැඩකාරයෙක් හිටියා රන්ජන් විජේරත්න කියලා.නමුත් එයා දන්නෙත් නැතිව ,එයාගාවම හිටපු කට්ටියක් මිනිහාව දෙසැරයක් රෝස් කළා.හැබැයි මරණයේ වගකීම දැම්මේ කොටින්ගේ එකවුන්ට් එකට. තමන් වපුරපු ඒවාම තමයි තමන්ට නෙලාගන්න වෙන්නේ.කොටි ත්‍රස්තවාදීන්ට මහජන මුදල් රුපියල් මිලියන 600 ක කප්පමක් ගෙනිහින් දුන්නේ ඔය චන්ඩියෙක් වගේ වෙපන් ගැන කතාකරන ටිරාන් සුදු කොන්ඩයා නොවෙයිද ? බලාගෙන ..ඒ නඩු ආයෙත් දවසක එනවා.

:       0       3

Nalika Thursday, 25 April 2024 11:25 PM

මේ මිනිහගේ කටේ දෙපැත්තෙන් ලේ පෙරෙනවා වගේ. මල මිනියක්ද නැත්නම් මල පෙරේතයෙක්ද?

:       0       3

Shantha Thursday, 25 April 2024 11:29 PM

කොටි ටිරාන් ,ඔය වෙපන් එක ගහගන්නවා තමුසෙගෙ *කේ .

:       0       2

Bamunuarachchi Friday, 26 April 2024 04:09 AM

නියමයි ටිරාන් අලස් මහත්තයෝ. කෙක්කෙන් හරි කොක්කෙන් හරි අපරාද මර්ධනය කරන්න. ඔබේ ක්‍රමයට විරුද්ද වන්නේ කොතනින් හෝ අපරාධ වලට සම්බන්ද එවුන්.

:       4       0

Ajith kumara rajapaksha Saturday, 27 April 2024 07:01 PM

ඔව් ඔව් වෙපන් පාවිච්චි කරපල්ලා... අන්තිමට ඔබලාට හිරේ වැටුණාම මෙයා ඇවිල්ලා කන්න දෙයි... ඔබලාගේ පවුල්වලට ඔබලා හිරේ ඉඳියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අධික රස්නයට නවයක් බිලි
2024 මැයි මස 04 54 1

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති


ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්
2024 මැයි මස 04 69 1

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට
2024 මැයි මස 04 404 0

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .


ග්‍රාම නිලධාරින් ලෙඩවෙන බව කලින්ම කියයි
2024 මැයි මස 04 246 0

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක


රටේ ජනගහනය අඩුවෙලා
2024 මැයි මස 04 1109 9

ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා


මාවුස්සාකැලේ පතුලටම හිඳේ
2024 මැයි මස 04 737 0

මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ පවස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 474 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1919 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1693 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site