IMG-LOGO

ෆොන් හොරෙක් රාගමින් අල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය මගීන්ගේ ජංගම දුරකතන සොරකම් කළ සැකකරුවකු රාගම පොලිස් ස්ථානය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරු 36 හැවිරිදි රාගම දඹුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය.

සැකකරු මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී ලක්ෂ 7 ක පමණ වටිනාකමකින් යුත් ජංගම දුරකථන 10 ක් සොයා ගත් බවත් රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා පැවසුවේය.

සැකකරු රාගම දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ගෙන් සොරා ගන්නා ජංගම දුරකථන මාළිගාවත්ත ප්‍රදේශයට අලෙවි කර ඇතැයි විමර්ශන කටයුතු වලදී අනාවරණය වූ බවත් පොලිසිය බාරයට ගත් ජංගම දුරකථන 10 පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් රාගම පොලිසියට පැමිණ තොරතුරු ලබා ගත හැකි බවත් බුද්ධික රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක දර්ශන අබේරත්න, 78997 පෙරේරා, 79574 සඳුන් යන මහත්වරු විමර්ශන මෙහෙයවා ඇත.

 



අදහස් (1)

ෆොන් හොරෙක් රාගමින් අල්ලයි

Kumara Sunday, 19 February 2023 05:51 PM

මහබැංකු හොරු නිදැල්ලේ රට පාලනය කරති.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site