(අංජුල මහික වීරරත්න)
'' ළමා දින ජාතික සතියක් " ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01 දින " ලෝක ළමා දිනය " ලෙස පිළිගෙන සමරනු ලබයි. මෙම වසරේදී "ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට " යන තේමාව යටතේ ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් ලෝක ළමා දින ජාතික වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ලෝක ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව 2025-09-25 දිනෙන් ආරම්භව 2025-10-01 දින දක්වා ප්‍රධාන ජාතික සැමරුම ද ඇතුළත්ව "ළමා දින ජාතික සතියක් " ප්‍රකාශයට පත් කිරීමට තීරණ කෙරේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ළමා දින සතියක් ප්‍රකාශයට පත් කරයි