(සුමිත් පොතුපිටිය)
හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ ජීව පතුරම් 30 ක් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත ගිනිඅවිය සොයාගත් බව පොලිසිය සදහන් කරයි.
සැකකරු පදිංව් හොරණ, කුඩාඋඩුව ප්‍රදේශයේ නිවසෙහි සගවා තිබී ගිනි අවිය සහ පතුරම් සොයාගෙන ඇති බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් සදහන් කලේය.
මෙම ටී 56 ගිනි අවියේ අංක කිසියම් උපකරණයක් යොදා මකාදමා තිබී ඇති අතර , එය සැකකරුට ලැබුන ආකාරය සහ කිසියම් අපරාධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
මුදල් පොලියට දෙන බව කියන ව්‍යාපාරිකයා සුඛෝපභෝගී ජීප් රථයකින් හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් දෙදෙනකු පැමිණ පසුපස සිටි තුවක්කුකරු රථයට වෙඩි තබා පලාගොස් තිබුණි.
ගම්පොල වේලම්බොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රිලවෙකුට තැබූ වෙඩිල්ලක් හැත්තෑ දෙහැවිරිදි කාන්තාවකගේ ඇසතුලට වැදී ඇය බරපතල තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළ
රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 ව
ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ’’සුරක්ෂා’’ සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ති
දිවයිනපුරා පවතින වැසි සහිත සුළං තත්ත්වයෙන් බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිත අඩාලවී තිබේ.
නාය යාම හා පස් කඳු කඩා වැටීම හේතුවෙන්ව අවහිර වී වැසී තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග දෙකම අද( 19 ) විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගනී