(මනෝප්‍රිය ගුණසේකර)
රජයේ වැය ශීර්ෂය මගින් වෙන් කළ රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් හිටප ජනපි රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය මීට සුළු වේලාවකට පෙර නියෝග කළාය.
දීර්ඝ වශයෙන් ඉදිරිපත් වූ සාක්කි සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළාය.
බන්ධනාගාරය තුළදී සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සහ රෝගී තත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
හිටපු ජනපති රනිල් රිමාන්ඩ්
අකිල Saturday, 23 August 2025 09:43 AM
ඕක විතරක් නෙමෙයි අර මෙයා 4-5 පාරක් විතර යාලුවෝ එක්ක ගිහින් ආපු " දේශගුණික විපර්යාස " සමුලුත් රටට කිසිම වැඩකට ඇති ඒවා නෙමෙයි, විශේෂයෙන්ම ඒ වෙලාවේ රටේ තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක, හිරි වැටිච්චි කෙනෙක් කියන්නේ නිකන් නෙමෙයි...
යෝගා Saturday, 23 August 2025 09:58 AM
තමන්ගේ ප්‍රතිවාදියාට බුරන්න, හපාකන්න නන්නත්තාර වෙච්ච සත්තුන්ව කිරි පොවලා හදාගන්නවා. පස්සේ ඔවුන්ට පිටරට ලොකු මස්කටු ලැබුණාම තිරිසන් ගති මතුවෙලා හදාගත්ත මනුස්සයාවම හපා කනවා. මේවා කාටත් හොඳ පාඩම්...!
ප්‍රොමිස්...කා Saturday, 23 August 2025 10:11 AM
එතකොට ආරක්‍ෂකයෝ පිරිවරාගෙන හෙලිකොප්ටරෙන් අම්මාව බලන්න ඉස්පිරිතාලේට යන එකත් මහජන මුදල් අවභාවිතා කිරීමක්නේ. අයියෝ, කූරු ගනින්න වෙයිද?
Asela Saturday, 23 August 2025 10:30 AM
රනිල් වෙනුවෙන් නීතිඥවරයා ඉදිරිපත් කළ තර්කයෙන්, බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කර අනුර තම මව හමුවීමට ගොස්, බදු ගෙවන්නන් වෙනුවෙන් අමතර වියදම් දරා ප්‍රේමිකගේ ස්ථානයේ රැඳී සිටීම සම්බන්ධයෙන් එම පරීක්ෂණයම සිදු කරන්නේද යන ප්‍රශ්නය මතු විය. බලයෙන් තොර වූ විට අනුරට ද එම දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව මම සිතමි. මේ ශ්‍රී ලංකාවයි.
පිටිගල මිලානෝ Saturday, 23 August 2025 12:30 PM
ඓතිහාසික සිදුවීම් කියන දේවල් සාමාන්‍ය සිදූවීම් බවට පත්වෙමින් පවතී. ඊළඟ එක්කෙනා ගන්න කොට ඒක ඓතිහාසික සිද්ධියක් වන්නේ නැත. නියමයි…
රිස්වාන්Saturday, 23 August 2025 02:38 PM
අම්මව බලන්න හෙලිකොප්ටරේ ගිය ඒවට, නිල නිවස තියාගෙන රිසෝට් වල සැප ගන්න ගිය ඒවට රජයේ මුදල් අවභාවිතා කිරීමට අනුර ඇතුලට යන එක ඉතාම සාමාන්‍ය දෙයක් වෙයි නේද? නියමයි, නියමයි.
පොඩිඑකාSaturday, 23 August 2025 03:14 PM
ඉතිං රිස්වාන් උන්නැහේ, කිය කිය ඉන්නැතුව නඩුවක් දාන්නකෝ...!
Dili Saturday, 23 August 2025 03:08 PM
උසාවියේ තීන්දු ගරු කරන්නේ නැ කියලා අන්තිමට සෙත් පතන්න වුණා නේද?
කපුරුහාමි Saturday, 23 August 2025 03:29 PM
මොලේ උඩ ඉන්න වහලුන්ට මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු දූෂිත දේසපාලුවෝ, ඔවුන්ගේ උන් පව්ල් පිටින් පිනට සවාරි ගිහින් කරපු හරිය, ඒවා ඔවුන්ට වගේ වගක් නැහැ...