(රෝෂන් තුෂාර)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට 2023 වසරේදී පුහුණුවක් ලබාදීම සඳහා වන ටෙන්ඩරය ලබාදීමට ලක්ෂ පනස් එකක තුටු පඬුරක් සමාගමකින් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු කම්කරු හා විදේශ කටයුතු ඇමතිවරයකුගේ පුද්ගලික ලේකම්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා හර්ෂන කැකුණවෙල මහතා අද (22) නියෝග කළේය.
බත්තර මුල්ලේ පදිංචි සහන් සම්පත් ගුණවර්ධන නමැති සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එසේ මුදා හැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිරීමටද නියෝග කළේය.
අදාල නියෝගය ආගමන විගමන පාලකවරයාට යොමු කිරීමටද නියෝග කළේය.
අල්ලස් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරල්වරයාගේ සහතිකයක් සමග ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙසේ සැකකරුට ඇප නියම කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ තුටු පඬුරු ඇයදීම සහ ලබා ගැනීමීම සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවටගත් බවය.
අල්ලස් කොමිසමට 2024 වසරේදී ලැබුණු නිර්නාමික ලිපියක් ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කළ බවත්,තුටු පඬුරු ලබා දුන්නේ යැයි කියන ප්‍රධාන සාක්ෂිකරුගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පැවසීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
හිටපු ඇමැති පෞද්ගලික ලේකම්ට ඇප