IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිස් උණ්ඩයක් පැළඳ සිටි අයකු අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හිස් උණ්ඩයක් සහිත රන් පැහැති මාලයක් පැලඳගෙන සිටි බව කියන මුදල් අමාත්‍යාංශයේ පිරිසුදු කිරීමේ අංශයේ සේවයකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 ,මෝදර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකරු, මුදල් අමාත්‍යංශයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා පෞද්ගලික ආයතනයක් මගින් යොදවා ඇති අයකු බව ද පොලිිසිය කියයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ චාරිකාවක යොදී ඇති අතර ඊට පෙර සිදු කළ මෙහෙයමුකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කාලයක සිට මෙම හිස් උණ්ඩය රන් පැහැති මාලයේ රඳවාගෙන ගෙලේ පැළඳ සිට ඇති බව කියති.

කොටුව පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (6)

හිස් උණ්ඩයක් පැළඳ සිටි අයකු අත්අඩංගුවට

Ruwan Friday, 28 July 2023 09:14 AM

සිරි ලංකා පොලෝසිය කෙරුවොත් ඔහොම හපන්කමක් තමයි කරන්නෙ..හිස් උණ්ඩයකින් මිනිස්සු මරන්න පුළුවන් කියල හිතන් අහිංසකයෙක් අල්ලන් දැඟළුවට මහ පාරේ දෙනෝදාහක් බලන් ඉද්දි වෙඩි තියල මරල යන ඒව අල්ලගන්න බෑ.

:       1       64

Rohan Friday, 28 July 2023 09:23 AM

මුන්ට පිස්සු . වෙන දේවල් නැද්ද අල්ලන්න.

:       0       49

ලුම්බිණි Friday, 28 July 2023 09:54 AM

හිස් උණ්ඩයක් නම් මොකද්ද ප්‍රශ්නය?

:       0       44

සිල්වා Friday, 28 July 2023 11:11 AM

හිස් උණ්ඩයක් යම් දවසක ජීව උණ්ඩයක් වෙන්න ඉඩ තියෙනවා නේද?

:       19       6

chandima Friday, 28 July 2023 11:47 AM

හරක් තමයි...!

:       1       22

මෛත්‍රි Friday, 28 July 2023 05:07 PM

අල්ලපිය ඕකව. ඒ තමයි පාස්කු ප්‍රහාරයේ මහ මොලකාරයා...!

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site