IMG-LOGO

හංවැල්ලේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හංවැල්ල නගරයේ හරස් පාර ප්‍රදේශයේ ආපනශාලාවක හිමිකරුවකුගේ පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු පොලිසිය සමග හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගිය බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසයට කියයි.

ඉකුත් මස 18 වන දින රාත්‍රීයේ දුම්වැටි මිල දී ගැනීමට යතුරු පැදියකින් පැමිණ තිබූ පුද්ගලයන් දෙදෙනකු ගෙන් අයකු වෙළඳසැල තුළටම පැමිණ මුදල් කවුන්ටරයේ සිටි ආපනශාලා හිමිකරු වන මොහොමඩ් ෆර්හාන්ට (46) වෙඩි තබා ඝාතනය කර තිබිණි.

ඝාතනයට ලක්වූ එම පුද්ගලයා හංවැල්ල පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙකි.

අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බස්නාහිර බස්නාහිර-දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඝාතන සිද්ධියට අනුබල අනුබලදීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබිණි.

ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු නිරිපොළ ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ වැටලීමේදී පොලීසියට වෙඩි තැබීමේදී පෙරළා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලද එම පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයා කරවිට සීයා නැමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයකු වන අතර හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතන සිද්ධියේ වෙඩික්කරු ද ? එම සිද්ධියේදී යතුරුපැදිය යතුරුපැදිය පැදවූ පැදි කරුද ? යන්න මෙතෙක් නිශ්චිතව හඳුනා ගෙන නැතැයි ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (1)

හංවැල්ලේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

Gagana Friday, 06 January 2023 10:01 AM

සීය කෙනෙක්නම් නෙමෙයි. හොඳට ඇඟපත වැඩුනු තරුණයෙක් තමයි අපනම් වීඩියෝවේ දැක්කේ. අපරාදෙ සීයෙක්ව මැරුවෙ.

:       4       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site