IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හල්දුම්මුල්ලේ තවත් කෑල්ලක් නාය යයි

(සමන් පාලිත නානායක්කාර)

පවතින ධාරාණිපාත වර්ෂාව සමග හල්දුම්මුල්ල  නිකපොත තලාහේන ප්‍රදේශයේ අද 16 සවස තවත් නායාමක් සක්‍රිය වීම හේතුවෙන් ඒ ආශ්‍රිතව පදිංචිව සිටි පවුල් තුනක් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

මේ වන විට නිවාස තුනක් නායට ගොදුරු වෙමින් පවතින බවද පොලීසිය කියයි.

අක්කර තුන හතරක පමණ ප්‍රදේශයක් නායට ගොදුරුව ඇතැයිද ගස් විශාල ප්‍රමාණයක් පහළට ඇලවෙමින් පවතින බවත්ම ප්‍රදේශවාසීහු පවසති.

කොස්ලන්ද කැලිපනාවල නාය යාම සිදුවූයේ හරියටම මීට සතියකට පෙර ඉකුත් සෙනසුරාදා සවස ය.

කැලිපානාවෙල නාය යාම සිදුවූ ස්ථානය හා මෙම තලාහේන නායාම සිදුවූ ස්ථානය අතර සෘජු දුර කිලෝමීටර් හතරක් පමණ වේ.

මෙසේ නාය යමින් පවතින තලාහේන ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැමිණීමට නියමිත බවත් එහිදී ලැබෙන නිර්දේශයන් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ ජේ. ප්‍රියංගිකා මහත්මිය කීවාය.



අදහස් (0)

හල්දුම්මුල්ලේ තවත් කෑල්ලක් නාය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site