
( තිලකරත්න දිසානායක)
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ එම මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් අවුරුදු 23 හා 28 යන වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකු සමග රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 18 ක් සහ රුපියල් 50 ව්‍යාජ මුදල් නෝට්ටු 17 ක් සමග මුදල් මුද්‍රණය කිරීම සඳහා යොදාගත් බව කියන ලැප්ටොප් පරිගණකයක් , ප්‍රින්ටරයක් සමග මොනිටරයක්ද අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරියකුට ලද තොරතුරක් මත ගම්පහ , කිරිදිවිට ප්‍රදේශයේදී පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත ඔහුට ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදුන් බව කියන දෙල්ගොඩ ප්‍රදේශයේ තැනැත්තෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ප්‍රේමරත්න සහ ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක දුෂ්‍යන්ත , උප පොලිස් පරීක්ෂකවරුන්වන වික්‍රමසිංහ සහ උදය ශාන්ත යන මහත්වරුන් සහ සැරයන් පුෂ්පානන්ද ( 2926), කොස්තාපල් හිරිපිටිය ( 102065) මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර සල්ලි සමග දෙකක් සැකපිට