IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොර වෙද්දු ගැන කියන්න අංකයක්

(ආරියරත්න රණබාහු)

නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

එම දුරකථන අංකය වන්නේ 1907 ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුරකථන අංකය ප්‍රකාශයට පත් කර ඇත.

මේ වන විටත් රට පුරා නීති විරෝධී වෛද්‍යවරු 40000කට වැඩි ප්‍රමාණයක් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එම සංගමය පවසයි.



අදහස් (6)

හොර වෙද්දු ගැන කියන්න අංකයක්

kotiya Friday, 17 May 2024 10:15 PM

හොර වෙද්දු බෝඩ් එකක් ගහගෙන ඉන් නෑ "මං හොර වෙදෙක්" කියලා. ඔබලා කියනවා නම් හොර වෙද්දු ඉන්නවා කියලා... ඔබලා ඔවුන්ව අඳුරගෙන අපිටත් කියාපල්ලා මොවුන් හොර වෙද්දු කියලා. මොකෝ අපි දන්නවෑ හොර වෙද්දු කවුද, හරි වෙද්දු කවුද කියලා හොයන්න...

:       0       4

නිමෙෂ් Saturday, 18 May 2024 05:24 AM

රාජකාරී වේලාව තුළ පුද්ගලික සේවයේ යෙදෙන දොස්තරලා ගැන ඔය නම්බරේට දැනුම් දෙන්න පුළුවන්ද?

:       0       5

kalhara Saturday, 18 May 2024 06:16 AM

ලක්ෂ ගණන් හොරට අතිකාල කරකර අඩුම තරමේ උදෙ 8 හවස 4 දක්වාවත් රෝහලේ නැති හොර වෙද්දු බහුතරයක් ඉන්නේ GMOA එකේම තමයි.

:       0       5

Manju Saturday, 18 May 2024 06:34 AM

GOMA එක කියන්නේ කට ඇරියොත් පට්ට පල් බොරු කියලා රටේ මිනිස්සු ගොනාට අන්දවන සංගමයක්... කොහොමත් අංක ගණිතය බෑ. සුව සැරිය ගේනකොට ලෙඩ්ඩු කරන්ට් වැදිලා මැරෙනවා කිව්වා. එහෙම මැරුණු එක ලෙඩෙක් කියන්න පුළුවන්ද? දොස්තර 5000 ක් රට යනවා කිව්වා. එහෙම ගියපු 5000 ලිස්ට් එක දෙන්න පුළුවන්ද? දොස්තර කෙනෙක්ගේ වැටුප රුපියල් ලක්ෂ 2ත් පැනලා තියෙද්දී දොස්තරගේ වැටුප රු 85,000ක් කියලා, මූලික වැටුප ගැන විතරක් බොරු කියලා තව 35,000 ක් ගරා ගත්තා. ලංකාවේ රජයේ ඉන්නේත් දොස්තර 22,000 යි. එහෙම එකේ හොර දොස්තර 40,000ක් ඉන්නේ මොනෙ රටේද? අපි කොහේදි හරි බෙහෙත් ගන්න දොස්තර ඒ ළඟ රෝහලක වැඩ කරන දොස්තර කෙනෙක්. ඒ ඒ පැතිවල ඉන්න මිනිස්සු ඒ ඒ දොස්තරලා ගැන දන්නවා. මගේ හිතේ GMOA එක හොර දොස්තරලා කියලා රැවටිලා තියෙන්නේ එයාලාගේම සාමාජිකයින්ට වෙන්න ඕනෑ. මොකද කොහොමත් රජයෙන් පඩි ගත්තාට ඉන්නේ පුද්ගලික සේවය අස්සෙනේ... රෝහලක පේන්නවත් නෑනේ. LTTE සංවිධානය යුද්ධයක් කළේත් සාමාජිකයෝ 35,000ක් එක්ක. එහෙම එකේ හොර දොස්තරලා 40,000ක් කියන්නේ එකම එකාව 10 පාරක් විතර ගැනලා වෙන්න ඕනෑ.

:       1       4

රටවැසිය Saturday, 18 May 2024 06:44 AM

මොවුන් මේ හොර වෙද්දු කියලා කියන්නේ වෙනත් රටවල් වලින් වෛද්‍ය උපාධිය හදාරලා නිමා කරලා ලංකාවට ඇවිල්ලා ACT 16 විභාගය සමත් වෙනකම් ඉන්න වෛද්‍යවරු... කොහොමත් GMOA එක පිටරටින් එන වෛද්‍යවරුන්ට ලේසියකට සමත් වෙන්න දෙන්නේ නෑ. කුහකකමට සිතාමතාම ෆේල් කරවනවා. ඒක හැමෝම දන්නා රහසක්. ඔය විභාගයේ කිසිම විනිවිද භාවයක් නෑ. ඊයේ පෙරේදා තිබ්බ විභාගයේත් GMOA සාමාජික වෛද්‍යවරයෙක්ගේ දියණියක් වෙනුවෙන් මුළු විභාගයම අත්හිටෙව්වා. GMOA එක පිටරටින් එන වෛද්‍යවරුන්ට හොර වෙද්දුයි කියා හිටියාට GMOA තරම් හොර වෙද්දු කොහේවත් නෑ...

:       1       7

sadish Saturday, 18 May 2024 06:49 AM

පාදෙණිය ඇතුලු GMOA එකේ අයම නේද? කොරෝනා කාලේ කොරෝනා මරණ ගණන හරියට ගැන ගන්න බැරුව පිස්සු නටලා පස්සේ ජනාධිපතිගෙන් බැනුම් අහලා පස්සේ ඒ වැඩේ හමුදාවට බාර දුන්නේ. ගනින්න ඇත්තේ එහෙම තමා...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site