IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හරි මතය හරියට ගෙනයාම මාධ්‍යයේ ප්‍රමුඛ කාරියයි

(අංජුල මහික වීරරත්න)

සමාජීය හා දේශපාලනික වශයෙන් අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක රජයේ නිල ස්ථාවරය ජනතාව අතරට නිවැරදිව ගෙන යාම සහ රාජකාරිය කාර්යක්ෂමව ඉටු කිරීම රජයේ සේවකයින්ගේ ප්‍රමුඛතම කාර්යභාරය විය යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (02) ප්‍රකාශ කළේය. 

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙි උත්සවයේදී ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය රජයේ නිල ප්‍රතිඥාව ලබා දීම ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.  

රජයේ නිල ස්ථාවරය රටට ප්‍රකාශ කිරීමේ ජාතික වගකීම ඉටු කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊට අදාළ තොරතුරු හා ප්‍රවෘත්ති පසුගිය සමයේ ප්‍රශස්ථ ලෙස ජනතාව අතරට සන්නිවේදනය කිරීමට සමත් වූ අතර එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනාගේ කාර්යක්ෂම මැදිහත්වීම සහ සහයෝගය අත්‍යවශ්‍ය බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

"අප මේ ගත කරමින් සිටින්නේ අභියෝගාත්මක සහ සංවේදී කාල සීමාවක්. මෙවැනි මොහොතක සමාජය ධනාත්මක ඉදිරි ගමනක් කරා මෙහෙයවීම මාධ්‍යයේ සහ ඊට අදාළ සන්නිවේදන ක්ෂේත්‍රය නියෝජනය කරන අයගේ වගකීමක්. 

මා මෙම තනතුරට පත් වී පැමිණි කෙටි කාලය තුළ එම වගකීම ඉටු කිරීමට ඔබ ලබාදුන් සහයෝගය සුවිශේෂය. ඒ පිළිබඳව මා ඔබට මාගේ කෘතඥතාවය පළ කර සිටිනවා.යනුවෙන් ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.



අදහස් (1)

හරි මතය හරියට ගෙනයාම මාධ්‍යයේ ප්‍රමුඛ කාරියයි

sena Tuesday, 03 January 2023 10:44 AM

ඔයා කොච්චර ආණ්ඩුවට කඩේ ගියත් අපිට හරි තොරතුරු දැනගන්න ක්‍රම තියනවා මහත්තයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site