
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටියක් පමණ වටිනා " අයි පෝන් " වර්ගයේ ජංගම දුරකථන 36 ක් සහ ලැප්ටොප් පරිගණක 06 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 - 45 අතර පසුවන ව්‍යාපාරිකයන් තිදෙනෙකි .
එසේ පැමිණි ඔවුන් ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී , ඔවුන්ගේ ගමන් මලු තුළ සගවා ගෙන තිබූ මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගය සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
පසුව මොවුන් තිදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ද සමග මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
එහිදී විධිමත් රේගු පරීක්ෂණය සිදු කර මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගය රාජසන්තක කර , මොවුන් තිදෙනාට රුපියල් ලක්ෂ 16 ක දඩ මුදලක් ගෙවන ලෙස ද එය පැවැත් වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර තිබුණි .

2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර පාරෙන් ආ ෆොන් -ලැප් ටොප් ගුවන්තොටේ හිරවෙයි
Sanath Sunday, 11 August 2024 02:51 PM
රේගුව මඟහැරලා එළියට එන්න නම් ඇතුළෙන් උදව්වක් ලැබෙන්න ඇති...
Kumara Sunday, 11 August 2024 07:48 PM
ජරාව දුන්නේ නැති නිසා ඇති...