
(ෂේන් සෙනෙවිරත්න)
හතරලියද්ද ප්‍රදේශයේ හෝටලයකට ආහාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු ලබාදුන් රුපියල් 5000 මුදල් මුදල් නෝට්ටුවක් පිළිබඳව සැක සිතී ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු තුනක් සමඟ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හතරලියද්ද පොලිස් වසමේ උඩුව ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ තිබී රුපියල් 5000 හොර නෝට්ටු 08ක්, රුපියල් 500 නෝට්ටු 04ක්, රුපියල් 100 නෝට්ටු 06ක් සහ රුපියල් 50 හොර නෝට්ටු 09ක් සොයාගැනීමට හැකිව ඇත.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු වලට අනුව එම හොර නෝට්ටු මුද්‍රණය කළ බව පැවසූ ගලගෙදර ප්‍රදේශයේ සන්නිවේදන පහසුකම් ලබාදෙන ආයතනයක් පරීක්ෂා කිරීමේදී එහි හිමිකරු පලා ගොස් තිබූ බව පවසන පොලිසිය එම ස්ථානයේ තිබු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් බවට සැක කරන එප්සන් වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර 01ක්, සැම්සුං වර්ගයේ මොනිටරයක් හා සීපීයූ යත්‍රයක් පොලිස්බාරයට ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
527
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2255
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොර නෝට්ටු සමඟ අයෙක් මාට්ටු