(ෂේන් සෙනෙවිරත්න)
පූජාපිටිය බටගල්ල ප්‍රදේශයේ වෙළඳසැලකට ව්‍යාජ රුපියල් 5000 ක නෝට්ටුවක් දී භාණ්ඩ මිලට ගැනීමට සැරසුන පුද්ගලයකු එම වෙළඳ සලේ සේවකයන් සහ අවට සිටි ජනතාව එක්ව අල්ලා පූජාපිටිය පොලිසියට බාර දී ඇත.
සැකකරු ශරීර පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ ව්‍යාජ 5000 නෝට්ටු දෙකක් තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර කසාවත්ත බටුගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී තවත් ව්‍යාජ 5000 නෝට්ටු 04 ක් සොයාගත්බව පොලිසිය කියයි.
ස්ථිර රැකියාවක් නොකරන 48 හැවිරිදි සැකකරු කලක සිට ව්‍යාජ නෝට්ටු මාරු කර තම ජීවිකාව ගෙන ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
සෙනග බහුලව ගැවසෙන විශේෂයෙන් කාන්තාවන් මුදල් අයකැමි වරියන් වශයෙන් සිටින වෙළඳසැල් වලට ගොස් මේ ආකාරයට ව්‍යාජ මුදල් නෝට්ටු මාරු කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
පූජාපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට