
(බී.ජී. චතුරංග )
රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් මුද්‍රණය කර එය සූක්ෂම ලෙස සකසා මාරු කිරීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (25 ) අත්අඩංගුවට ගත් බව තන්තිරිමලය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තන්තිරිමලේ පන්සල පාරේ පදිංචි 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.
තන්තිරිමලය රජමහා විහාරය ඉදිරිපිට රථ ගාල ආසන්නේ බුලත් වෙළඳාමේ නිරත පුද්ගලයෙකු විසින් සිදු කල පැමිණිල්ලකට අනුව සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බුලත් වෙළඳසැලට පැමිණ ඇති සැකකාර සිසුන් දෙදෙනා රුපියල් 5000 නෝට්ටුවක් මාරු කර ගැනීමට යාමේදී එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට සැක සිතී වෙලදසැල් හිමියා විසින් ඔවුන් දෙදෙනා, වෙළෙඳ සැලේ රඳවා ගෙන තන්තිමලය රජමහා විහාරය ඉදිරිපිට රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබූ බව පොලිසිය සඳහන් කලේය.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර නෝට්ටු මාරු කරන්න ගිය සිසුන් දෙන්නා මාට්ටු