
(බී.ජී.චතුරංග)
අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිෂ්පාදනය කරනු ලබන ආහාර වලින් පසුගිය වර්ෂයේදී (2023) පමණක් රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් උපයා ගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා පැවසීය.
කිසිදු රසායනික පොහොරක් භාවිතා නොකර අහස් වැස්සෙන් පමණක් අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුර තුළ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක වී වගාව සිදු කර ඇති අතර මේ වන විට එහි අස්වනු නෙළීම ආරම්භ කර තිබේ.
වාර්ෂිකව මෙම ආකාරයට කාබනික වී වගාව රැඳවියන්ගේ සහායෙන් සිදු කරනු ලබන අතර මීට අමතරව පලතුරු සහ එළවළු වර්ගද මෙම එළිමහන් සිර කඳවුර තුල වගා කෙරෙන බවත් මීට අමතරව නිෂ්පාදනය කරනු ලබන බේකරි ආහාර වර්ග අලෙවි කිරීම ද ඇතුළුව පසුගිය වර්ෂයේදී පමණක් රුපියල් ලක්ෂ 146ක ආදායමක් බන්ධනාගාර දෙපාර්තමේන්තු උපයා ඇති බව අනාවරණය විය.
අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් සිදු කරනු ලබන කාබනික බෝග වගාවෙන් පමණක් පසුගිය වර්ෂය තුළදී පමණක් රුපියල් ලක්ෂ 70කට වැඩි ආදායමක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් උපයා ඇති බව බන්ධනාගාර අධිකාරීවරයා කීය.
මෙම නිෂ්පාදන අනුරාධපුර බන්ධනාගාරය තුල සිටින රැඳවියන් වෙනුවෙන් පරිභෝජනය කරනු ලබන අතර, අතිරික්ත නිෂ්පාදන දිවයිනේ අනෙකුත් බන්ධනාගාර වල රඳවියන් හට ලබා දීමත්, අනුරාධපුර බන්ධනාගාරය තුල ඇති අලෙවි කුටිය මගින් පාරිභෝගික මහජනතාවට අලෙවි කිරීමත් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක පී. එස්. විජේසිරි මහතා මෙහිදී පැවසීය.

2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිරේ ගියත් කෝටි එකහමාරක් හම්බකර දීලා
පාඨකයෙක් Monday, 05 February 2024 12:14 PM
ඉතාමත් ප්‍රශංසනීයයි. උවමනාව සහ උනන්දුව තිබේ නම්, අන් අයටද සරුවට කාබනික බෝග වගාව කළ හැකි බවට කදිම සාක්ෂියකි. බන්ධනාගාරයෙන් පිටතට පැමිණි දිනක ද මෙසේ සාර්‍ථක වගාවන්ට උරදෙන නීතිගරුක පුරවැසියන්වීමට මොවුන්ට සමාජයේ සහාය ලැබේවා...!
Hafeel Monday, 05 February 2024 12:48 PM
ඉදිරියේදී මේ වැඩේට කෙහෙලියවත් බස්සන්න පුළුවන්.
Prabha Monday, 05 February 2024 01:36 PM
සිරකරුවන්ට පින්බත් කවන එකම රට ලංකාව වෙන්න ඇති...