IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හොර කච්චේරියක් වටලා 5ක් අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයට කළ සෝදිසි මෙහෙයුමක දී ව්‍යාජ සහතික,හැදුනුම්පත් සහ රියදුරු බලපත්‍ර සකසන හොර කච්චේරියක් වටලා පුද්ගලයින් පස් දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ  විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබිණි.

මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ දී ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සමග සැක පිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකුගෙන් හෙලි වු තොරතුරු මත පොලිස් නිලධාරීන් කණ්ඩායම මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී ව්‍යාජ ලෙස සකස් කල රියදුරු බලපත්‍ර 168 ක්,උපාධි සහතික,ආදායම් බලපත්‍ර,උප්පැන්න,විවාහ,මරණ සහතික,තාවකාලික රියදුරු බලපත්‍ර,බදු ගිවිසුම්,ඔප්පු,සාමාන්‍ය පෙල,උසස් පෙළ වීභාග සහතික,රියදුරු බලපත්‍ර වල අලවන ස්ටිකර්,එන්.වී.කිව් සහතික  ආදී හොර ලිපි ලේඛන හා ව්‍යාජ රබර් මුද්‍රා තොගයක් පොලීසිය සොයා ගෙන ඇත.

 

 



අදහස් (0)

හොර කච්චේරියක් වටලා 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site