IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොර ඉන්ධන අල්ලද්දී කසිප්පුත් අසුවෙලා

(ආනන්ද ඉ ජයකොඩි සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)

වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසක් සෝදිසි කිරීමේදී ඩීසල් ලීටර් පනස් පහක්, පෙට්‍රල් ලීටර් පහක් හා ගෝඩා බැරල් එකක් එහි තිබී හමුවීමෙන් අනතුරුව එම ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.

වැඩි මිලට විකිණීම සඳහා ඉන්ධන සඟවා ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව වටද්දර ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකාර ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසක් සෝදිසි කළ අවස්ථාවේ එහි සඟවා තිබියදී ඉන්ධන තොගය හා ගෝඩා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කීය.

මොහු ඉඩම් හිමි වැවිලිකාර ධනවත් ව්‍යාපාරිකයකු බවත් වැඩි මිලට විකිණීම සඳහා ඉන්ධන ගබඩා කර ගෙන සිටි බවත්, මත් පැන් මිල ඉහළ යාම නිසා මිතුරන් අතරේ අලෙවි කිරීම සඳහා කසිප්පු නිෂ්පාදනය කිරීමද කර ගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව සැකකාර ව්‍යාපාරිකයා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරච්චි



අදහස් (2)

හොර ඉන්ධන අල්ලද්දී කසිප්පුත් අසුවෙලා

gaming01 Thursday, 28 July 2022 12:23 PM

වාහනයට ලිටර් 5ක් ගහනකොට රියදුරත් බාගයක් ගහගන්නවා .

:       0       3

Bamunuarachchi Friday, 29 July 2022 06:48 AM

අනේ මේ කරුණාකරලා ඉන්ධන ටික අරන් යන්න. කසිප්පු ටික ගෙනියන්න එපා. කසිප්පු කාලකින් ගැහුවාම ඉන්ධන ලීටරයක් ගහලා යනදුර පයින් යන්න පුළුවන් ඕන කන්දක් නගින්න පුළුවන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site