IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


හොරෙන් ගෙන මත්වතුර - දුම්වැටි පොලිස් බාරයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටියකට අධික වටිනා විදේශීය මත්පැන් බෝතල්,දුම්වැටි හා කහ තොගයක් කිරිබත්ගොඩ සහ වත්තල ප්‍රදේශවල සිදු කළ වැටලීම් බොලදී පුද්ගලයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද රජයේ අවවාදය සටහන් කර නොමැති දුම්වැටි 40000 ක් ත්‍රීරෝද රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම ජාවාරම් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත

එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වත්තල හුණුපිටිය ප්‍රදේශයේ කුලියට ගත් නිවසක බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ කහ කිලෝග්‍රෑම් 4700 ක් සහ විදේශීය මත්පැන් බෝතල්720 ක් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොත්මලේ සහ පුස්සැල්ලාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු32 හා 44 පසුවන්නන් ය

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කිරිබත්ගොඩ පොලීසියට බාර දී ඇත.



අදහස් (0)

හොරෙන් ගෙන මත්වතුර - දුම්වැටි පොලිස් බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site