
(ටී.කේ.ජී.කපිල )
කූඨ ලෙස සකස් කළ මෙරට ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන නේපාලයේ කත්මණ්ඩු නුවර හරහා එංගලන්තය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද(31) කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් පළමු වැන්නා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි .
ඔහු 31 දින උදෑසන 07.10 ට නේපාලයේ කත්මණ්ඩු නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සදහා ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු සියලුම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිම කර , විගමන කටයුතු සදහා ආගමන විගමන නිලධාරීන් වෙත පැමිණ සිටිය දී ඔහුගේ සැක කටයුතු ඉරියව් නිරීක්ෂණය කළ එම නිලධාරීන් , ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ කරුණු අනුව , වැඩිදුරටත් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී , ඒවා තුළ සගවා ගෙන තිබූ ඔහුගේ රුවට සමාන රුවක් යොදා , ඔහුගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර තිබූ ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ද සොයා ගැනීමට හැකි වී තිබේ .
ඒ අනුව තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ අතර , එහිදී ඔහුත් සමග තවත් මෙවැනිම කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් රැගත් පුද්ගලයෙකු මේ වනවිට , ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු නිමා කර , ඉන්දීය ගුවන් යානය වෙත ද පිවිසී සිටින බව අනාවරණය කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් එන්ගලන්තයට පනින්න ආ දෙන්නෙක් මාට්ටු