
( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් සිට යාපනය දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට අද (25) උදෑසන කාලයේදී මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේදී එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයේ රියදුරු තුවාල ලබා ඇතැයි මුලතිව් පොලීසිය පැවසීය.
ලංගම බස්රථය අද අලුයම මුලතිව් සිට ඒ-30 මාර්ගය ඔස්සේ යාපනය දක්වා ධාවනයවු අවස්ථාවේදී සෙල්වපුරම් ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ගල් ප්‍රහාරය එල්ල කොට පලා ගිය බවට බස් රථයේ රියදුරු පොලීසියට පවසා ඇත.
ගල් ප්‍රහාරය හේතුවෙන් බස්රථයේ ගමන්ගත් මගීන්ට හානියක් සිදු නොවුනද රියුදුරුට පමණක් සුලු තුවාල සිදුව ඇති අතර ඒ පිළිබඳව මුලිතව් පොලීසියට දැනුම්දීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර වරයා පියවර ගන්නා ලදි.
අනතුරුව මුලතිව් පොලීසියේද ආරක්ෂාව යටතේ ලංගම බස් රථ ධාවනයට සිදුකෙරුණි.
කෙසේ වෙතත් මුලතිව් දිස්ත්‍රීක්කය ඇතුලු උතුරු පලාතේ ක්‍රියාත්ම හර්තාලය අතරතුර බස්ධාවනට විරෝධය පෑ කිසියම් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලීසිය සැකපල කරන අතරම ගල් ප්‍රහාරය එල්ල කරන ලද පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.
උතුරු පලාත පුරා හර්තාලය ක්‍රියාත්මක වුවද උතුරේ පෞද්ගිලක බස් සියල්ලක්ම ධාවනයෙන් ඉවත් වී තිබුනද මුලතිව් මෙන්ම සෙසු දිස්ත්‍රීක්ක වන වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි ලං ග ම බස්රථ ධාවනය සිදුකෙරෙයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හර්තාලයේදී ලංගම බසයට ගල් ප්‍රහාරයක්