IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


හිරුණිකාගේ නඩුව 08 වැනිදාට කල් යයි

(රෝෂන් තුෂාර)

වීදි නාට්‍යයක් කරමින්,මහජන පීඩාවන් සහ  පොලිස් රාජකාරියට බාධා කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇතුළු 15 දෙනාට එරෙහි විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් දෙසැම්බර් මස 8 වැනි දින  ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනුජා  ලක්මාලී ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (30) නියෝග කළාය.

මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව  කුරුඳුවත්ත පොලිසිය සඳහන් කර සිටියේ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා සඳහා යවා ඇති බවය.

2022 නොවැම්බර් 14 වැනි දින පොලිස් වසමේ රාජකාරියේ නිරතව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අන්දමින් වීදි නාට්‍යයක් පවත්වා මහජන පීඩාවන් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,චාන්දනී කුසුමලතා සහ සඳරුවනි රොද්‍රිගු, නයනා නිලන්ති, මනුනාථ ජයවීර, සිරෝමනී පියදර්ශනී,නිරූපා අයිරාංගනී, නිරූපා අතු කෝරළ වයි.ධනුෂිකා,පුෂ්පා රංජනී, දිනූෂා දීප්ති, අනුරාධා රාජිනී, ශ්‍රියා කුමාරී , එස් ලලිතා, තක්ශිලා නිකලස් අධිකරණයේ පෙනී සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය  නීතිපතිවරයාගේ උපදෙස් දෙසැම්බර් මස 08 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය. 



අදහස් (1)

හිරුණිකාගේ නඩුව 08 වැනිදාට කල් යයි

Nissanka Tuesday, 01 July 2025 12:59 AM

මට නම් මෙයා පෙන්නන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 286 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 774 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site