(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 5.40 ක් වටිනා පෙට්‍රල් අඩුවෙන් නිකුත් කළ කොළඹ 7 පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන පොම්ප දෙකක් මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (29) පස්වරුවේ පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු මෙම ඉන්ධන පිරවුම්හල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මහජන උපයෝගිතා කොමිසම සහ කාර් මික තාක්‍ෂණ ආයතනය ඇතුළු ආයතන කීපයක් එකතුව කළ පරීක්‍ෂණයේදී අඩුවෙන් පෙට්‍රල් නිකුත් කළ බවට හෙළි වී ඇති අතර ඉන් පසුව එම ඉන්ධන පිරවුම්හලේ පොම්ප තුනෙන් පොම්ප දෙක මුද්‍රා තබා තිබේ.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරට තෙල් ගැසූ කොළඹ ෂෙඩ් එකක පොම්ප දෙකකට සීල්
සකල ගුරු Thursday, 29 September 2022 05:18 PM
අපිටත් බොහෝවිට අඩුවෙන් ගහනවා කියලා හිතෙනවා මොකද පොම්පය ඉන්ධන පොම්ප නොකර මීටරය ධාවනය කරන නිසා ෆුල් ටෑන්ක් ගැසුවත් වරින්වර පොම්පය අක්‍රිය කරමින් ඉන්ධන පිරිවීම නිසා මීටරය ක්‍රියාත්මක වුනත් ඉන්ධන අඩුවෙන් නිකුත්වෙන්න පුළුවන් මෙනිසා කොමිසම උපාය දූතයන් යොදා වරින්වර පරීක්ෂා කරනවා නම් හොදයි
ජයනාත් Thursday, 29 September 2022 05:55 PM
මේ වගේ ඒවා ගාල්ලේ කරාපිටිය තදාසන්න ප්‍රදේශයේ තිබෙනවා . ඒවා ත් පරීක්ෂා කරන්න
chandima Friday, 30 September 2022 12:59 AM
අම්මප. තෙල් ගහපු උනුයි ෂෙඩ් අයිතිකරයයි ඉද්දි පොම්ප දෙක මාර වැරද් කරල තියෙන්නෙ. නිකන් සිල් තියල මදි ලාකඩ ඩාලම සිල් තියන්න වෙනව මෙ වරදට නම්? එ පොම්ප දෙකටයි අනික් පොම්ප වලටයි ඔක්කොටම තෙල් එන්නෙ එකම ටැංකියෙන් නිසා ටැංකියට සිල් තියල බැහැ නේද? ටැංකියෙන් බාගෙකට සිල් තියමු එහෙනම්. පොම්ප දෙක ගලවල අත් අඩං ගුවට අරන් උසාවි මිදුලෙ හෙනිහින් තිබ්බත් වරදක් නැහැ.
සක්‍රයා Friday, 30 September 2022 09:15 AM
බොහෝමයත් ඉන්ධන පිරවුම්හල්වල පොම්පයෙන් හොරකරනවා විතරක් නොවේ. පොම්පයෙන් තෙල් ගසනා සේවකයාත් හොරකම් කරනවා. මේ තත්වය ගැන සොයා බලන්න පිරවුම් හලෙන් ජරාව නොකන කඩාපැන සෙවීම් කරන නිලධාරින් කොටසක් යොදවන්න බලධාරින්ට නුවණ පෑදේවා. මේක කරන්න බැරි බලධාරින්ගේ හා දේශපාලුවන්ගේ ඥාතීන්ට තමයි පිරවුම් හල් තියෙන්නේත්...