
(එම්.කේ.නන්දසේන)
තම ගෙවත්තේ බැඳ තිබූ රුපියල් ලක්ෂ හතර හමාරක් වටිනා ගවයින් දෙදෙනෙකු සොරුන් ගෙන ගොස් ඇති බවට ලුණුගම්වෙහෙර පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ ලුණුගම්වෙහෙර පොලිසිය අදාළ ගවයින් දෙදෙනා සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පරික්ෂාවට ලක් කිරීමේ දී එක් සැකකරුවකු සඟවාගෙන සිටි විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයාගත් බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.
මෙම සැකකරැවන් තිදෙනා වීරවිල, හම්බන්තොට බඳගිරිය, හා ලුණුගම්වෙහෙර කුඩාගම්මාන පහ ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.
ගවයින් නැතිවී ඇති බවට පැමිණිලි කර තිබුණේ කතරගම ලුණුගම්වෙහෙර මාර්ගයේ කුඩා ගම්මාන පහ දකුණු ඉවුර පදිංචි ගමගේ තුෂාරි නිල්මිණි නැමැති කාන්තාවකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (4) තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය.
ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් හොරා ළඟ අත් බෝම්බයක්