IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිරකරුවෝ කොටසක් නිවාස අඩස්සියට

(සුජිත් හේවාජුලිගේ )

සිවිල් වැරැදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන සියලු දෙනා නිවාස  අඩස්සියේ තැබීමේ  වැඩපිළිවෙලක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පැවසීය

බන්ධනාගාරයන්හි පවතින තදබදය අවම කිරීමේ  අරමුණෙන්  මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක  කරන  බවද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නීති සකස් කිරීමට පත් කෙරුණු කමිටුව දුන් වාර්තා අනුව නීති කෙටුම්පත් අංශය අදාල නීති සකස් කරමින් සිටින බවත්  එම කටයුතු නිමවීමෙන් පසු   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත්කිරීමට කටයුතු කරන බවත්  ඔහු සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමග ඇප පනත වැනි පනත් කිහිපයක් සංශෝධනය කිරීමට සිදුවනු ඇති බවද අනුරාධ ජයරත්න මහතා කීවේය.



අදහස් (4)

හිරකරුවෝ කොටසක් නිවාස අඩස්සියට

sam Sunday, 04 February 2024 03:14 PM

දවසකට මෙච්චර ගාණක් අල්ලන්න ඕනෑ කියලා ටාගට් දුන්නාම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද? අන්තිමට, දාපු නඩුවකුත් නැහැ, කුඩු අඩුවකුත් නැහැ, කාටවත් ඉටුවෙච්චි යුක්තියකුත් නැහැ...!

:       0       16

Amal Sunday, 04 February 2024 03:28 PM

ඒ සමගම බන්ධනාගාර රෝහල් ප්‍රමාණයත් වැඩි කළොත් හොඳයි. මොකද, ඔක්කෝම ප්‍රභූවරුන් බන්ධනාගාරගත වෙච්චි ගමන් බන්ධනාගාර රෝහලේ... මේ දැනුත් එක්කෙනෙක් ඇඩ්මිට් කළා... !!!

:       0       32

Prabha Sunday, 04 February 2024 07:07 PM

වැඩි අය අර බලෙන් අල්ලන් ඉන්න අක්කර 400 සුද්ද කරන්න දාමුද?

:       0       9

Kazi Shajahan Monday, 05 February 2024 09:13 AM

ඕක රාජපක්ෂලාගේ වාසියට හදන්න යන නීතියක්.. මොකද ඊළඟ ආණ්ඩුව ආපුවාම රාජපක්ෂ පරපුර සහ ගෝල බාලයෝ ටික හිරේට දක්කන්න නියමිතයි. මෙයාලා හදන්නේ ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site