IMG-LOGO

හැම දිස්ත්‍රික්කයකම එක නගරයක් ලස්සන කරයි

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආදායම් කළමණාකරණය කර ගනිමින් පෞද්ගලික අංශය සමඟ එක්ව එක් දිස්ත්‍රික්කයකට එක් නගරයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ එම ව්‍යාපෘතිය සඳහා රජයේ අරමුදල් යොදා නොගන්නා බවයි. අසංවිධිත නාගරික සංවර්ධනය රටක සංවර්ධනයට සෘජුව හා වක්‍රව බලපෑම් එල්ල කරන බැවින් රටේ සියලුම නගර කඩිනමින් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ බාරදූර වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ දැයක් නගන සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය - 2021/2020 වැඩසටහනට සහභාගී වී ජයග්‍රහණය ලැබු නිලධාරීන් ඇගයීම හා ජයග්‍රාහී නාගරික ව්‍යාපෘතිවලට සම්මාන පුද කිරීමේ අවස්ථාවට අද (28) සහභාගී වෙමිනි. බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් අනුව රට පුරා විසිරී ඇති අඩු පහසුකම් සහිත නගර 100ක් හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කරමින්, එම නගර ක්‍රමවත් ලෙස අලංකාර කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් සැපයීමේ අරමුණින් 2020 වසරේදී මෙම සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

 



අදහස් (0)

හැම දිස්ත්‍රික්කයකම එක නගරයක් ලස්සන කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site