IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හමාස් ප්‍රාණ ඇපයේ සිටි හය දෙනක් මරා දමලා

(විමුක්ති එස් රුද්‍රිගු)

හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනකුගේ සිරුරු දකුණු ගාසා තීරයට අයත් රෆා නගරයේ උමගක තිබී සොයාගත් බවත් එම ප්‍රාණ ඇපකරුවන් හයදෙනා හමාස් සංවිධානය විසින් කුරිරු ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි හර්ෂ් ගෝල්ඩ්බර්ග් පෝලින්, 24 හැවිරිදි ඊඩ්න් යෙරුෂල්මි, 25 හැවිරිදි ඔරී ඩැනිනෝ, 32 හැවිරිදි ඇලෙක්ස් ලුබ්නොව්, 40 හැවිරිදි කාමෙල් ගට් සහ 27 හැවිරිදි ඇල්මොග් සරුසි යන ඊශ්‍රායල ජාතිකයන් පිරිසක්ය.

ගෝල්ඩ්බර්ග් පොලින්, යෙරුෂල්මි, ලුබ්නොව්, සරුසි සහ ඩැනිනෝ ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ පැවැත්වමින් තිබූ නෝවා සංගීත ප්‍රසංගයේදී පැහැර ගැනිණි.

ප්‍රාණ ඇපකරුවන් හයදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් රියර් අද්මිරාල් ඩැනියෙල් හැගාරී ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල හමුදා ප්‍රාණ ඇපකරුවන් වෙත ළඟා වීමට දවසකට හෝ දෙකකට පෙර හමාස් සංවිධානය විසින් මෙම ප්‍රාණ ඇපකරුවන් සහාසික ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවයි. ෆර්හාන් අල්-කාඩි බේරා ගත් උමගට කිලෝ මීටරයක් පමණ දුරින් ඇති උමගකින් ඔවුන්ගේ සිරුරු සොයාගත් බවද ඔහු පැවැසුවේය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද ප්‍රාණ ඇපකරුවන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ අතර ඔහු පවසා සිටියේ හර්ෂ් ගෝල්ඩ්බර්ග් ඊශ්‍රායල ඇමෙරිකානු ජාතිකයකු බවත් ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹ ඇති බවත්ය.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් 250 ක ඊශ්‍රායල ජාතිකයන්ගෙන් 100 දෙනකු පමණ තවමත් හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇතැයිද පැවැසෙයි.

 



අදහස් (2)

හමාස් ප්‍රාණ ඇපයේ සිටි හය දෙනක් මරා දමලා

කොඳු නැති ලාංකිකයෝ සංගමය Sunday, 01 September 2024 07:54 PM

අපෝ හමාස් අයියලාට මුකුත් කරන්න එපා... පව් අහිංසක අයියලා. අනික තණකොල කපන්න කඩු සිය ගණන් හංගාගෙන හිටපු අපේ අර අහවල් ජාතියේ අයත් තරහවෙයි එහෙම කළොත්...!

:       13       29

charithMonday, 02 September 2024 12:49 PM

එයාලා හරිම අහින්සකයි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site