IMG-LOGO

හම්බන්තොට නව රෝහල ජනපති අතින් ජනතා අයිතියට

(දිලිප් ජයසේකර)

නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ ඉදි කරන ලද හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

මහල් 10 කින් සමන්විත මෙම නව දිස්ත්‍රික් මහ රෝහල නෙදර්ලන්ත රජයේ සහන ණය ආධාර යටතේ ඉදිකර ඇති අතර රෝගී සත්කාරය සඳහා අවශ්‍ය නවීන පහසුකම්වලින් මෙම නව රෝහල සමන්විතය.

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දිලිප් වෙදආරච්චි, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්වරු සහ නෙදර්ලන්ත තානාපතිනිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


(ඡායාරූප - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මාධ්‍ය ඒකකය)



අදහස් (19)

හම්බන්තොට නව රෝහල ජනපති අතින් ජනතා අයිතියට

දර්ශන Monday, 01 July 2019 02:16 PM

පහුගිය රජය සමයේ හදපු එකක් නේද මේ...?

:       1186       1204

AmarabanduMonday, 01 July 2019 02:55 PM

ඇයි ණයක් ගත්තම එකේ ජාතකේ වැඩක් නැහැනේ... ගෙවන්න වෙන්නේ අපිටම තමයි. ණයට අරන් නොකන රටක් බිහිවේවා..!

:       66       449

SARATuesday, 02 July 2019 03:32 AM

තරහ ගන්න එපා ණයට හරි හැදුවේ පහුගිය ආණ්ඩුව නිසා. අනික මහා ලොකුවට කෑ ගැහුවනෙ ණය ගත්ත වැඩියි කියලා. ඕවට තමයි ණය ගත්තේ, අනික ඇයි මේක මෙච්චර පරක්කු උනේ විවෘත කරන්න, මේක වැඩ ඉවර වෙලා ගොඩක් කල්, මෙයාලට ලකුණු දාගන්න තමයි පරක්කු කලේ

:       126       307

UdayaMonday, 01 July 2019 05:19 PM

ඇයි 1992දි පමණ ප්‍රේමදාස මහතා පටන්ගත් පසුව චන්ද්‍රිකා මහත්මිය ණය ඇරන් ආරම්භ කල අධිවේගී මාර්ගය මහින්ද මහතා විවෘත කලා මතක නැතිද?

:       36       86

liyanage Tuesday, 02 July 2019 12:20 AM

පසුගිය පහුගිය රජය සමයේ මුල් ගල් තියපු එකක් වෙන්න බැහැ. එසේ වුවා නම් පසුගිය රජයේ ලොකු මහත්තයත් එතුමාගේ පොහොට්ටු කණ්ඩායමත් මෙතනට ආරාධනා ලැබෙනවා.

:       6       51

ඉඳුනිල් ප්‍රියන්තTuesday, 02 July 2019 02:55 AM

දර්ශන කරුනාකර වහල් මන්ද මානසිකත්වයෙන් මිදෙන්න

:       19       54

shanTuesday, 02 July 2019 04:33 AM

ඔවු දර්ශන. ගිය ආණ්ඩුවෙන් ණය අරගෙන රෝහල පටන්ගන්න කලින් කට්ටිය ගෙදර ගියා. ඒක නිසා සල්ලි ටික පරම්පරාවට බෙදා ගන්න බැරි වුනා. ඒකෙන් මේ රෝහල හදන්න මේ ආණ්ඩුවට සල්ලි ඇති වුනා. ඒක හම්බන්තොට ජනතාවගේ වාසනාව නැත්නම් හදන්න වෙන්නේ සායනයක් විතරයි

:       68       76

Dr.RuwanTuesday, 02 July 2019 04:47 AM

පසුගිය රජයට ආධාර දුන්නේ ස්වාසිලන්තයෙන්, නෙදර්ලන්තයෙන් නම් එය එජාප රජයකට පමණයි.

:       1       73

janahitha Monday, 01 July 2019 02:47 PM

හරි හරි... දර්ශන පරක්කුවෙලා හරි වැඩේ ඉවර කරලනේ.. මේක ඔය පොත අත්සන් කරන්න තිබුනේ 2016 බව අපි දන්නවා..

:       2       85

indikaTuesday, 02 July 2019 04:15 AM

95% ඉවර කරලා තිබ්බේ. ලැජ්ජාවට විවෘත කරේ නෑ.

:       1       6

okayi thathve Monday, 01 July 2019 02:51 PM

වටපිටව තණකොළ ගස් දිහා බැලුවම සෑහෙන කලක් අතහැරලා දාලා තිබුණු පරිසරයක් බව පෙනේ.. හරකුන් ගැවසුණු ස්ථානයක් බව පෙනේ..

:       0       114

naari Monday, 01 July 2019 02:54 PM

ඔය සුදු තොප්පි දමාගෙන ඉන්න අයත් ගොඩනැගිල්ලේ හැටියට වැදගත්ව කටයුතු කරාවි යයි හිතනවා..

:       79       118

ALAHUDIN Monday, 01 July 2019 02:57 PM

කරුණාකර ඔය තොප්පි ගලවා දමන්න.. කාන්තාවට එ්ක දමන්න බැහැ. අපේ ආගමට විරුද්ධයි. අපිට තොප්පි තමා ඔක්කොමලා දමන්නේ...

:       5       14

A.R.Silva Monday, 01 July 2019 04:11 PM

නෙදර්ලන්තය කලේ හොඳ දෙයක්. ලංකාවේ දේශපාලන බල්ලෝ ඕක විනාශ කරාවි.

:       2       243

ලුම්බිණි Tuesday, 02 July 2019 12:13 AM

මේක හදල ඉවර කරලා අවුරුදු ගණනක් වෙනවා. සමහර විට මේ කට්ටියට විවෘත කරන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති. මොකද ජනතා අයිතියට පත් කලේ නැත්නම් රෝගීන්ට සුවයක් ලැබෙන්නේ නැහැ නේ.

:       20       29

lalithm Tuesday, 02 July 2019 03:16 AM

ණය ආධාර වෙන්නේ කොහොමද? අපිට ණය වෙන්නේ නැතිව පොදු කටයුතු මොකුත් කරන්න බැහැ. ඒත් ඇමති ගොල්ලන්ට වාහන ගන්න නිවාස අලුත්වැඩියා කරන්න ණය නොවන ඇස්තමේන්තු පාස් කරනවා මිලියන සිය ගණනින්. මේක සාධාරණීයකරණය කරන්න පුලුවන්ද?

:       0       6

anura Tuesday, 02 July 2019 06:04 AM

විවෘත කරන දිනයේවත් පාරේ පෙමෙන්ට් එකවත් පිරිසිදු කරන්න බැරි උන නිලධාරීන් ඉදිරියේදී කොහොම නඩත්තු කරාවිද?

:       0       6

udarath Tuesday, 02 July 2019 08:26 AM

රෝහල් හදන එක හොඳ දෙයක්

:       0       2

rihan Thursday, 04 July 2019 07:49 AM

කව්රු පටන්ගත්තත්, කව්රු ඉවර කළත්, රෝගීන්ට බෙහෙත් දෙන තැනක් නැහැ. ඔක්කෝටම එහි පින් ලැබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 894 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site