IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හමුදා ලොක්කන් 784 කට කාර් පර්මිට්


(සුජිත් හේවාජුලිගේ)

ත්‍රිවිධ හමුදාවන්හි නිලධාරීන් 784  තීරු බදු රහිත වාහන බලපත්‍ර පසුගිය වසරේදී නිකුත් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

යුද හමුදාවේ 437 කටද නාවික හමුදාවේ 167 කටද ගුවන් හමුදාවේ 115 කටද සිවිල් නිලධාරීන් 40 දෙනකුටද කොතලාවල ආරක්ෂක  විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ  25 දෙනකුටද මෙසේ තීරු බදු රහිත බලපත්‍ර නිකුත් කර ඇතැයි අමාත්‍යාංශයේ 2023 කාර්ය සාධන  වාර්තාවේ දැක්වේ.

සේවයෙන් විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිකුත් කරන ලද තීරු බදු රහිත වාහන  බලපත්‍ර සංඛ්‍යාව 68කි.

මේ අතර ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 545 දෙනකු පසුගිය වසරේදී  පෞද්ගලික නිවාඩු ලබාගෙන  විදේශගතව ඇතැයි සඳහන් කරන වාර්තාව රාජකාරී නිවාඩු ලබා විදේශගත වූ සංඛ්‍යාව 165ක් බවද ප්‍රකාශ කරයි.

මේ අතර පසුගිය වසරේදී විශ්‍රාම ගෙන ඇති ත්‍රිවිධ හමුදා නිලධාරින් සංඛ්‍යාව 655 ක් බව එම  කාර්ය සාධන වාර්තාව සඳහන් කරයි.

පසුගිය වසරේදී නිලධාරීන් 1485 දෙනකු උසස්වීම් ලබාදී  ඇති  අතර අධිකාරි ගත කෙරුණු නිලධාරීන් සංඛ්‍යාව 725 කි.

මේ තොරතුරු සඳහන් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවේය.



 



අදහස් (8)

හමුදා ලොක්කන් 784 කට කාර් පර්මිට්

suranga Monday, 12 August 2024 11:44 AM

බලපත්‍ර නම් තියනවා .වාහන ගෙන්වන්න තමයි දෙන්නේ නැත්තේ

:       3       16

Nadeesha Monday, 12 August 2024 12:21 PM

ඔව් රටට වැඩක් කරපු එකම මිනිස්සු අවුරුදු ගාණක් දුක් විඳලා ලබාගන්න දෙයක්...

:       24       14

Chandana Gunathilaka Monday, 12 August 2024 12:23 PM

මොකටද pension ගියපු අය‍ට වාහන බලපත්‍ර? කොහොමත් රජයේ සේවකයින්ට වාහන බලපත්‍ර අවශ්‍ය නැහැ. වැටුපක් දෙනවා. පෙන්ෂන් එකක් දෙනවා. මේ බලපත්‍ර මේ අය විකුණනවා. මේක අනියමින් හොර කරන්න දෙන දෙයක්. කොහොමත් හමුදා නිලධාරීන්ට වාහනයක් අදාල හමුදා වලින් ලබාදෙනවා. නැතිනම් තමන්ගේ වාහනේ දාන්න දෙනවා. ඒකට රුපියල් 50000ක් දෙනවා. මේ වාහන පාවිච්චි කරන්නේ හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරුන්. ඔය වාහන හමුදා කඳවුරුවල වැඩවලට යොදා ගන්නේ නැහැ. දරුවෝ පාසල් දාන්න යොදා ගන්නේ. රාජකාරි සඳහා ඕවා යොදවා ගන්නේ නැහැ. මේවා නවත්වන්න ඕනෑ.

:       4       38

Lalla Monday, 12 August 2024 12:54 PM

මේ දැවැන්ත හමුදාව රටට බරක් නොවේද? සංවර්ධන නිලධාරී අංක දෙක. වෙනස හමුදාව කන මුදල් ප්‍රමාණය අධික වීම..

:       7       33

Prabha Monday, 12 August 2024 03:17 PM

ලල්ලා ලොල්ලා වගේ අය ෆැෂන් එකට හමුදාවට බනින අය..

:       8       3

ලසන්ත Monday, 12 August 2024 01:09 PM

ආ ඒකයි මේ තහනම ඉවත් කරන්න තියෙන හදිසිය! විදෙස් තැම්පතු ස්ථාවර වෙනකම් සීමාසහිතව පොදු වාහන හැර වෙනත් කිසිම වාහනයක් ආනයනයට ඉඩදීම ඉතා භයානක ප්‍රතිඵල ඇති කරවන අනුවණකමකි!

:       1       11

Wije Monday, 12 August 2024 01:14 PM

අනේ අම්මපා මේ රට මෙහෙමවත් ඉතුරුවෙලා තියෙනවා ඇති, පිනා ඉතුරු ටිකත් කයි...

:       2       28

fairoos Monday, 12 August 2024 01:33 PM

මේවා ඡන්ද අල්ලස් නෙවෙයිද?

:       2       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site