(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත විහාරස්ථානයක හිමිනමකගේ ණය පතක් සොරකම් කර එයින් රුපියල් ලක්ෂ හතරක ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන දෙකක් මිලට ගත් අයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මාලිගාවත්ත පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඉදිරියේ අද (14) කරුණු වාර්තා කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ බෝ සෙවන පාර, මාලිගාවත්ත කොළඹ 10 ලිපිනැති විහාරස්ථානයක වැඩවසන හිමිනමක විසින් ඉකුත් 02 වැනිදාය.
තමන්ට ලැබුණු පුන්‍යාධාර සහ අනෙකුත් ආධාර සම්පත් බැංකුවේ ගිණුමකට බැර කළ බවත් පසුව එම ගිණුමෙන් ණය කාඩ් පතක් ලබාගෙන තිබූ බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි මාලිගාවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම වරද ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 367 වගන්තිය සමග කියැවෙන 400 වගන්තිය යටතේ සිදුකළ වරදක් බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මාලිගාවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේවර්ධන මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හාමුදුරුවන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන ස්මාර්ට් ෆෝන් දෙකක් අරන්
පිටිගල මිලානෝ Tuesday, 14 March 2023 07:54 PM
පව් නැහැ… හොදවැඩේ… නිවන් ගියාම ෂොපිං කරන්න වෙන්න ඇති ක්‍රෙඩිට් කාර්ඩ්ස්…
රමණි Tuesday, 14 March 2023 08:37 PM
සාදුලාගේ ක්‍රෙඩිට කාඩ් වලට මුදල් පූජාකරාම මැරුණායින් පස්සේ මොන දිව්‍ය ලෝකෙද යන්න පුළුවන්?
ලුම්බිණි Wednesday, 15 March 2023 07:13 AM
තමන්ට (පන්සලට) ලැබුණු පුන්‍යාධාර සහ අනෙකුත් ආධාර බැංකුවේ තමන්ගේ ගිණුමකට දැමීම එච්චර සුදුසු නැහැ නේද?