(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙක් ඇතුළු 27 කුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ආසාදිත අනිකුත් පිරිස අතර හෙද හෙදියන් නව දෙනෙක් , සෞඛ්‍යය කාර්ය සහායකයන් හය දෙනෙක් මෙන්ම ලිපිකරුවන් දෙදෙනෙක් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් වන බව වෛද්‍ය අධිකාරිවරයා කීය
එම ආසාදිත පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු මෙන්ම සුළු සේවකයෙක් ද වන බව වෛද්‍ය අධිකාරිවරයා කීය
ආසාදිත සුළු සේවකයන් දෙදෙනෙක් පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස් වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය
හෝමාගම මූලික රෝහලේ මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් දෙසිය විස්සක් පමණ ප්‍රතිකාර ලබනවා .එයින් විශාල ප්‍රමාණයක් දැඩි සංකූලතා සහිත රෝගීන්
වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය මෙලෙස ආසාදිතයන් බවට පත් වූවොත් ඉදිරියේදී රෝහලේ එදිනෙදා කාර්යයන්ට විශාල බලපෑමක් එල්ල වීමට බොහෝ හැකියාවක් තියෙනවා යැයි වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය ..
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 8 ක් ඇතුළු 27 කට කොරෝනා
gamaathi Thursday, 19 August 2021 12:45 AM
සෞඛ්‍ය සේවකයන් බොහෝ දෙනෙකුට එන්නත් ලබාදී ඇති පසුබිමක මෙපමණ පිරිසක් ආසාදිතවීම ගැටලු සහගතය
gamaathi Thursday, 19 August 2021 08:28 AM
බොහෝ රෝහල් කාර්ය මණ්ඩල එන්නත් කර ඇති අතරේ මෙපමණ පිරිසක් ආසාදිත වූ පසුබිමක මහජනතාවට එන්නත ලබා ගැනීමට බල කිරීම ගැටලු සහගතයි.