IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හෝමාගම තැබෑරුම් දෙක වසා දමයි

(කේ. බුද්ධික කුමාරසිරි)

හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ විරෝධතාවය මධ්‍යයේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ විවෘත කරන ලද නව තැබෑරුම් දෙක වසා දැමීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) දින පනාගොඩ පැළෑදගොඩ ප්‍රදේශයේ දී පැවසීය.

මම පහුගිය කාලේ පොසොන් කලාපයක් කරලා ලක්ෂ ගණනක් ජනතාව ආපු හෝමාගම පිටිපන ප්‍රදේශයේ මිහිඳු හාමුදුරුවෝ වැඩලා දුන්නා වගේ පොසොන් කලාපය ඉවර වෙනවාත් සමගම තැබෑරුම්  දෙකක් ආරම්භ කරන්න කටයුතු කරල තිබුණා.

 ඒ සම්බන්ධයෙන් අපි පිටිපන හන්දියේ උද්ඝෝෂණයකුත් කලා.  මම කිව්වා හෝමාගම එහෙම තැබෑරුම් බලපත්‍ර ලබාදෙනවා නම් ඒ ආණ්ඩුවේ ඇමතිකම් කරන්න මම සූදානම් නෑ කියලා. ඒ අනුව ආරම්භ කරන ලද තැබෑරුම් දෙක ඊයේ වන විට වසා දැමීමට කටයුතු කර තිබෙනවා යැයි ද  පැවසීය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල ගණනාවක් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහලොස් දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන පාසල් කිහිපයක් සහ වාර්ෂික පොසොන් කලාපය සිදු කරනු ලබන අවුකන පිලිම අනුරුව ආසන්නයේ මෙලෙස තැබෑරුම් විවෘත කිරීමට හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් සිටිනාතාක් ඉඩ නොදෙන බවද ඒ මහතා  වැඩි දුරටත් පැවසීය.



අදහස් (13)

හෝමාගම තැබෑරුම් දෙක වසා දමයි

udara Friday, 26 July 2024 11:24 AM

ඡන්දෙ ඉවර වෙනකල් වෙන්න වෙන්න ඇති

:       5       92

H.D.Jayasiri Friday, 26 July 2024 11:36 AM

මෙයා බබා. දැන් ජනතාවගේ අවදානය ගන්න නාට්‍ය රඟපානවා.

:       6       74

සෞදි-සිංහ Friday, 26 July 2024 11:50 AM

සල්ලි ලැබෙන තැබෑරුම් විතර ද දැන් ඉතුරු වෙලා තියෙන්නේ.

:       3       61

anuranga Friday, 26 July 2024 11:53 AM

එම අදහස මුලින්ම ක්‍රියාත්මක කරේ අපේ හිටපු ඇමතිකෙනෙක් වන ගාමිණී ජයසූරිය මහත්මයායි, මෙතුමාත් එය ක්‍රියාත්මක කිරීම අපගේ සතුටට කරුණක්.

:       27       20

සුපුන් චාමර Friday, 26 July 2024 12:03 PM

හොරකම් කරන්නෙ කෝටි ගණන්. යම්කිසි දෙයක් වැරදි නම් වැරදිම තමයි. පන්සල ළඟ බිව්වත් එකයි. දුර ඉඳන් බිව්වත එකයි. උපාසක මහත්තයලාගේ ශ්‍රද්ධාව දෝරෙ ගලා යනවා. කොහොමත් තව පෝය දෙකයි. කොච්චර ශෝ දැම්මත් ඊට ප‍ස්සෙ එක්ක‍ො රට නැත්නම් හිරේ

:       13       39

Lalla Friday, 26 July 2024 12:29 PM

මුදලාලිලා ජයග්‍රහණය කලා....හොඳයි නේද සෙල්ලම...

:       2       13

Asoka Friday, 26 July 2024 12:38 PM

දිවංගත ගාමිණි ජයසූරිය මහතාගේ කාලයේ සිට එන ප්‍රථිපත්තියක්

:       2       17

යෝගා Friday, 26 July 2024 12:44 PM

පාලි විශ්ව විද්‍යාලයේ කට්ටියට තමයි ඉතින් ඔය වැඩෙන් පාඩුව. ඇවිදින දුරින්නෙ බඩු තිබුනෙ

:       3       23

Perera Friday, 26 July 2024 01:01 PM

රැවටෙන්න එපා,ඕක තාවකාලිකව නතර කරන වැඩක්.කරුමෙට හරි ඕකුන් දිනුවත් ඔය වැඩේ නැවත පටන් ගන්නවා.

:       4       32

Hettiarachchi Friday, 26 July 2024 02:24 PM

ජනපතිවරණය අවසාන වෙනකල්!

:       4       14

Nalin Friday, 26 July 2024 05:16 PM

ඇයි සුපර් මාකට්වල තියන්නේ බඩු හෝමාගම ඇතිවෙන්න.

:       1       13

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 27 July 2024 04:18 AM

අනේ සාදු කොයි තරම් පුණ්‍යවන්ත සිතුවිල්ලක්ද? එතකොට ඡන්දෙට එන එවුන්ට බොන්න දෙන්නේ මොනාද?

:       0       8

වෙනුර බණ්ඩාර Saturday, 27 July 2024 01:23 PM

ඇයි හෝමාගම වෙන බාර් නැද්ද මේ දෙක විතරද තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site