IMG-LOGO

හෝමාගම තාක්ෂණ පීඨ සිසුවෙකු අභිරහස් ලෙස මියයයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම දියගම පිහිටි  සරසවියේ තාක්ෂණ  පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු නේවාසිකාගාරය තුළ දී ය අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පොතුහැර කටුපොත "නන්දන ගෙදර" පදිංචි නවුම්පලගේ මලිත් යශෝධ (25) හැවිරිදි  දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු බව පොලිසිය කියයි .

මෙම සිසුවා නිවාඩු ලබා නිවසට ගොස් සිට  ඉකුත් 01 දා නැවත සරසවියට  පැමිණ ඇති අතර ඔහු සමඟ නේවාසිකාගාරයේ කාමරය තුළ සිටින අනෙක් මිතුරා නිවාඩු ලබා පැමිණ නොසිටීම හේතුවෙන් මොහු පමණක් කාමරයේ සිට ඇතැයි පැවසේ .

ඒ අනුව 02 දා දහවල් වනතෙක් මොහු කාමරයෙන් පිටතට නොපැමිණීම නිසා  වෙනත් මිතුරෙකු ඔහු නිදා සිටින කාමරය අසලට ගොස් බැලීමේදී  ඒ තුළ ඔහු නිදා සිටිනු දැක ඇතැයි පැවසේ.

පසුව එම මිතුරා කාමරය තුලට ගොස්  අවදි වන ලෙස  මොහුට කතා කළ ද ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා මිතුරා ඔහු අසලට ගොස් සිරුරට අත තබා  නැගිට්ට වීමට සූදානම් වීමේ දී ඔහුගේ සිරුර සීතල බවකින් යුක්ත වීම නිසා, සැක සිතී ඒ බව පාලනාධිකාරිය  දැනුවත් කොට ක්ෂණයකින් ප්‍රතිකාර සදහා  හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට ඇතැයි පැවසේ.

එහිදී මෙම සිසුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන්   පවසා ඇත්තේ  ඔහු මියගොස් ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය අනාවරණය කර ගැනීම සඳහා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චිත්තක උදය කුමාර මහතා විසින් සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

හෝමාගම තාක්ෂණ පීඨ සිසුවෙකු අභිරහස් ලෙස මියයයි

sampath Wednesday, 04 January 2023 06:58 PM

මුලින් ලිෆ්ට් එකෙන් වැටිලා සේවකයෙක් මැරුණා... දැන් මාස කීපයකින් තවත් එකක්... මේවා ස්වභාවික ඒවා වෙන්න පුළුවන්... ඒත් කවුරු හරි කළින් දැක්කා නම් මේ ළමයාගේ ජීවිතේ බොරගන්න තිබුණා. හොස්ටල්වල ඉන්න කොට දැන් වෙනදා වගේ නෑ. අපිට නම් ඒ කාලේ රංචු ගැහිලා ඉන්නේ නිතරම...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 95 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1021 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site