IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හබරාදූවේ වෙඩි තැබීමක්:අයෙක් මරුට

(සුමතිපාල දීයගහගේ සහ  ඩී ජී සුගතපාල )

හබරාදුව තල්පෙ පොල්දූව පන්සල අසලදී අද (24) උදේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වු පුද්ගලයා තල්පෙ හීනටිගල පදිංචි 38 හැවිරිදි අයෙකි.

ඝාතනයට ලක්වු පුද්ගලයා උදෑසන  දරුවන් දෙදෙනා පාසලට ගෙන ගොස් බිරිඳ සමග ආපසු නිවස බලා ත්‍රී රෝද රථය පදවා  ගෙන යමින් සිටින විට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා ත්‍රී රෝද රථකරු ඝාතනය කොට පලා ගොස් ඇති බව හෙලිවි ඇතැයි පොලීසිය කියයි.

වෙඩි තැබීමේදී ත්‍රී රෝද රථයේ ගමන් කළ ඔහුගේ බිරිඳටද ⁣තුවාල සිදුවී කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කර ඇත.

හබරාදුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

හබරාදූවේ වෙඩි තැබීමක්:අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site