(අංජුල මහික වීරරත්න)
හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි නිවසක තුන් නිවුන් දරු උපතක් ලැබූ මවට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධ පුවත අද (16) ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළ වූ අතර මාධ්‍යයේ පළ වූ තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අමාත්‍යවරයා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතාට උපදෙස් ලබා දී ඇත්තේ තුන් නිවුන් දරුවන් බිහි කළ මව වන ගිහානි සුපේෂලා කුමාරි මහත්මියගේ පවුල වෙනුවෙන් අදාල නිවස කඩිනමින් ඉදිකරන ලෙසයි.
නිවස ඉදිකිරීම සඳහා අදාළ තොරතුරු ලබාදෙන ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරුට උපදෙස් දුන් බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ප්‍රසන්නගෙනුත් තුන් නිවුන් දරු මවට නිවසක්
ගමේ එකාලා Thursday, 16 May 2024 03:17 PM
ඇමතියා ලකුණු දාගන්ඩ හැදුවට වැඩක් නැහැ. දැනටමත් ගෙයක් හදාදෙන්ඩ පින්වත් පොඩි හාමුදුරු නමක් ඉදිරිපත් වෙලා ඉන්නේ?
Pankumburage Thursday, 16 May 2024 03:25 PM
හොද කාලෙට ළමයි හම්බ උනේ.
NAMAL Thursday, 16 May 2024 03:33 PM
මේ කප්පම්කාරයා ඌට වාසියක් නැතිව මොනවත් කරන්නේ නෑ , අනිවාරෙන් මේ තුන් නිවුන් දරු මවට නිවසක් දීලා ප්‍රසන්නගෙනුත් තව දරුවෙක් එන්නයි හදන්නේ .
Samson Thursday, 16 May 2024 03:47 PM
කොහොමද ඔහු පොදු ධනය ඔහුට ඕනෑ විදියට පාචිච්චි කරන්නේ
Dharmatileke Thursday, 16 May 2024 04:38 PM
පළමු වතාවට නමට ඔබින සේවයක් කළා. ස්තුතියි...!
viraj ekanayake Thursday, 16 May 2024 04:49 PM
කවුරු වුණාම මොකද අහිංසක පවුලකට ගෙයක් හදලා දෙන්න... නොදකිං මේ වගේ කුහකයෝ...
Hafeel Thursday, 16 May 2024 05:01 PM
මේ කප්පමට කලින් එම ප්‍රදේශයේ වාසය කරන ගරු ස්වාමීන් වහන්සේ නමක්, මෙම ප්‍රවෘත්තිය ආරංචි වුණු විගස ක්ෂණිකව එම නිවසට වැඩම කරලා, දැනටමත් මෙම පවුලට නිවසක් ඉදිකරන්න උන්වහන්සේ කටයුතු කරලා අවසන්...!
PATTA hora Thursday, 16 May 2024 05:18 PM
එයාලාගෙන් කප්පන් අරගෙන නැතිද? තඹයක්වත් හොරා කන්නේ නැතුව වැඩක් කරන්නේ නෑ.
සෙනෙවිරත්න Thursday, 16 May 2024 05:29 PM
එහෙමත් පින් සිත් පහළ වුණු පලියට ඔහොම කරන්න තමන්ගේ බූදලේද? රටේ ධනය මංකොල්ල කෑවෙත් ඔහේම තමයි...!
Sanjaya Thursday, 16 May 2024 06:00 PM
ප්‍රසන්නගෙන් නෙවෙයි, මහජනතාවගෙන් කියා නිවැරැදි විය යුතුයි.
jothi Thursday, 16 May 2024 08:58 PM
(කාංචන කුමාර ආරියදාස ) අනුරාධපුර, හබරණ, පුවක්පිටිය මහා වන කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක බිහිකළ දරු තිදෙනා ගේ පුවත ලංකාදීප වෙබ් අඩවියේ අනාවරණයෙන් පසු ගම්මානයට වැඩම කළ ගඟසිරිපුර ධම්මාලෝක පොඩි හාමුදුරුවෝ (සදගිරි සැයේ පොඩි හාමුදුරුවෝ ) ඔවුනට ලක්ෂ විස්සක වටිනාකමකින් යුතු නිවසක් තනා දීමට පොරොන්දු විය. මේ ධම්මාලෝක පොඩි හාමුදුරුවෝ ලක්ෂ විස්සක වටිනාකමකින් යුතු නිවසක් තනා දීමට පොරොන්දු වෙලානේ තියෙන්නේ, දැන් මේ ප්‍රසන්න රණතුංග මොකක්ද ගහන්න හදන ගේම
සෝබනා Friday, 17 May 2024 07:12 AM
එම නිවස හදන්න හාමුදුරුනමක් ඉදිරිපත් වෙලා ඉන්නවා කොහොමත් නිවාස අධිකාරිය නිවසක් හැදුවොත් කාලෙකට පස්සෙ නිවෙස් හිමියන්ට ණය මුදල් ගෙවීමට සිදුවෙනවා ඒක
Kazi Shajahan Friday, 17 May 2024 11:50 AM
ප්‍රසන්න ගේ පුද්ගලික මුදලින්ද නැතිනම් රජයේ මුදල් වලින්ද ?මීඩියා මේ වගේ දේවල් රිපෝට් කරන කොට හරියට කරුණු හොයලා බලලා දාන්න ඕනේ
Jayasekara Friday, 17 May 2024 12:15 PM
මෙයාට ගෙයක් දෙන්න මතක් වෙන්නේ අපේ හාමුදුරුවෝ ගෙයක් හදලා දෙන්න පොරොන්දු වුණාම තමයි.