
(කේ. බුද්ධික කුමාරසිරි)
ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර ගැනීමට කොළඹ බෝවන රෝග විද්‍යාතනය හෙවත් අයි.ඩී.එච් රෝහලට ඇතුලත් වී සිටියදී ඉකුත් 11 දින මියගිය හෝමගම හබරකඩ පදිංචිව සිටි ශානිකා සමරපාල නැමැති 37 හැවිරිදි දෙදෙරු මවගේ මරණය බාල බෙහෙත් නිසා සිදු වූ මරණයක් බවට සැක කරන බැවින් ඒ පිලිබදව පරීක්‍ෂණක් පවත්වන ලෙස මියගිය කාන්තාවගේ සැමියා වි අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කළේය.
එහිදී අදහස් දැක් වූ මිය ගිය කාන්තාවගේ සැමියා වන හෝමගම හබරකඩ පදිංචිව සිටින බී. චානක මදුසංක මහතා මෙසේ කීය.
මගෙ බිරිද ඩෙංගු රෝගයට ප්‍රතිකාර ගන්න තමයි රෝහල් ගත වූණේ. අපිට දරු දෙදෙනකු ඉන්නවා. මේ බෙහෙත දීපු ගමන් බිරිද ගෙ හදවත නතර වුණා. මට වෛද්‍යවරු කිව්වේ හය පාරක් විතර හදවත නතර වුණත් එම සියලු අවස්ථාවල ප්‍රතිකාර ලබා දී ප්‍රකෘති තත්වයට ගත්තත් බේරා ගන්න බැරි වුණා කියලයි.
වෛද්‍යවරුන්ටත් හිතා ගන්න බෑලු මේ වෙච්ච දේ. ඒ ගැන දැන් පරීක්‍ෂණයක් යනවලු. මොනව කළත් වැඩක් නෑ. දැන් මට මගේ බිරිද නෑ. දරුවන් දෙන්නට අම්ම නෑ. ඒ නිසා මෙවන් දේවල් යළිත් නොවන්නට මේ පිලිබදව නිසි පරීක්‍ෂණයක් සිදු කල යුතුයි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හබරකඩ දෙදරු මවගේ මරණය සැකයි:සැමියා පොලිසි යයි
ගුණරත්න Wednesday, 24 December 2025 08:35 AM
ගිය ආණ්ඩුකාලේ මෙවැන්නක් වුනා නම් ඉස්සරහ පේළියේ ඉඳගෙන ආණ්ඩු විවේචන කරපු උදවිය නේද මේ බලයේ ඉන්නේ?
සාපයේ නිමාවWednesday, 24 December 2025 12:09 PM
උරුම කල කරුම ගෙවල රට ගොඩගන්න, මනුස්සයන්ට ජීවත්වෙන්න සලසන්න මේ අවුරුදු පහයි, තව අවුරුදු පහලවකුයි අවශ්‍ය වෙයි. බයි ජනගහනයත් එතකොට අඩුවෙලා තියෙයි.
fairoosWednesday, 24 December 2025 12:14 PM
කොහෙළිය ඇමති කාලේ ගෙන්වපු බෙහෙත් තමයි දීලා තියෙන්නේ. ගුනේ අයියා පොඩ්ඩක් හොයලා බලන්න
චන්දන Wednesday, 24 December 2025 10:20 AM
ඕව් ඇයි ගුනේ මොකක්ද ආණ්ඩුවයි මේ. මරණයයි අතර ප්‍රශ්නය
සමන් විමල් Wednesday, 24 December 2025 12:48 PM
අනේ චන්දෝ... හෝදන්න එපා. තනිකරම ආණ්ඩුව වග කියන්න ඕනෑ. ගොන් කමට හරි, තක්කඩිකමට හරි එහෙම නෑ කියයි...