IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හපුතලේ-බෙරගල අතර එක් මංතීරුවකට සීමා වෙයි

(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්) 

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද(01) දින  දෙවන වරටත්  ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.  

අද පෙරවරුවේ ද මෙම  මාර්ග කොටසට පැවැති වර්ෂාව  සමඟ ගල් පර්වත පෙරළී එක්  මන්තීරුවක් අවහිර වී තිබූ අතර  ඊට මීටර් කිහිපයක්  නුදුරින්    රාත්‍රී  ගල් පර්වත  කීපයක් පස් සමග පෙරළී එක් මං තීරුවකට වැඩි  කොටසක් අවහිර වී ඇති බව ඒ මහතා පැවසීය.

මේ වනවිට ගල් පෙරළීමේ අවදානම ඝන මිහිදුමක් ද සහිතව පවතින බැවින් මාර්ගයේ භාවිතා කිරීමේදී විමසිල්ලෙන් සහ සුපරීක්ෂාකාරීව රිය පැදවිය  යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය   මහතා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (0)

හපුතලේ-බෙරගල අතර එක් මංතීරුවකට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site