
(සමන් පාලිත නානායක්කාර)
බදුල්ල සිට නුවර බලා අද (27) සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට දියතලාව හපුතලේ අතර තිස් අටවෙනි බිංගෙය තුළදී දුම්රියට යට වී හතළිස් හතර හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි දියතලාව පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කේ පී අමල් ඉශාන්ත 44 නමැති දියතලාව කහගොල්ල පදිංචි වී සිටි පුද්ගලයෙකි.
දුම්රිය පැමිණෙන අවස්ථාවේදී මොහු මෙම බිංගේ තුළ සිටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ සිද්ධියෙන්පසු කොළඹ බදුල්ල දුම්රියන් පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද වී ධාවනය වුණු බවද පොලිසිය කියයි.
දියතලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හපුතලේ බිංගෙයකදී දුම්රියේ ගැටී අයෙක් මරුට